කැනඩාවේ තවත් ඛේදවාචකයක් – මව, පියා සහ දියණියට නිවස තුළ දිවි අහිමිවෙයි

සැක සහිත ගින්නකට හසුව කැනඩාවේ පදිංචිව සිටි ඉන්දියානු සම්භවයක් ඇති යුවලක් සහ ඔවුන්ගේ දියණියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔන්ටාරියෝ හි බ්‍රැම්ප්ටන් ප්‍රදේශයේ ඔවුන් පදිංචිව සිටි නිවස තුළ දී පසුගිය 07 වනදා අදාළ පවුල මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගින්න නිවාදැමීමෙන් පසු, විමර්ශකයින් විසින් විනාශ වූ නිවස තුළ මිනිස් අස්ථි කොටස් සොයා ගත් නමුත්, මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ඒ වන විට තහවුරු කර ගත නොහැකිව තිබුණා.

කෙසේ වෙතත් අදාළ අස්ථි කොටස් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල දී ඒවා එකම පවුලේ පියා, මව සහ දියණියගේ බවට ඊයේ තහවුරු කරගෙන තිබෙනවා.

51 හැවිරිදි රජිව් වාරිකූ ඔහුගේ බිරිඳවන 47 හැවිරිදි ශිල්පා කෝතා සහ ඔවුන්ගේ 16 හැවිරිදි දියණිය වන මහෙක් වාරිකූ මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇති බව සඳහන්.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔන්ටාරියෝ පොලිසිය පැවසුවේ මෙම පවුලේ සාමාජිකයින් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් අඛණ්ඩව විමර්ශන සිදුකරන බවත්, තොරතුරු දන්නා ඕනෑම අයෙකු ඉදිරිපත්වන ලෙස ඉල්ලා සිටින බවයි.

මේ අතර ඔටාවා නුවරට තදාසන්න බාහීවන් ප්‍රදේශයේ ලාංකික පවුලක සාමාජිකයින්ගේ ඝතනයන් තවමත් ලෝකයේ කතා බහට ලක්ව ඇති මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
8
+1
1
+1
3
+1
27
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32