spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කැනඩාවේ තවත් ඛේදවාචකයක් – මව, පියා සහ දියණියට නිවස තුළ දිවි අහිමිවෙයි

සැක සහිත ගින්නකට හසුව කැනඩාවේ පදිංචිව සිටි ඉන්දියානු සම්භවයක් ඇති යුවලක් සහ ඔවුන්ගේ දියණියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔන්ටාරියෝ හි බ්‍රැම්ප්ටන් ප්‍රදේශයේ ඔවුන් පදිංචිව සිටි නිවස තුළ දී පසුගිය 07 වනදා අදාළ පවුල මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගින්න නිවාදැමීමෙන් පසු, විමර්ශකයින් විසින් විනාශ වූ නිවස තුළ මිනිස් අස්ථි කොටස් සොයා ගත් නමුත්, මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ඒ වන විට තහවුරු කර ගත නොහැකිව තිබුණා.

කෙසේ වෙතත් අදාළ අස්ථි කොටස් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල දී ඒවා එකම පවුලේ පියා, මව සහ දියණියගේ බවට ඊයේ තහවුරු කරගෙන තිබෙනවා.

51 හැවිරිදි රජිව් වාරිකූ ඔහුගේ බිරිඳවන 47 හැවිරිදි ශිල්පා කෝතා සහ ඔවුන්ගේ 16 හැවිරිදි දියණිය වන මහෙක් වාරිකූ මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇති බව සඳහන්.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔන්ටාරියෝ පොලිසිය පැවසුවේ මෙම පවුලේ සාමාජිකයින් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් අඛණ්ඩව විමර්ශන සිදුකරන බවත්, තොරතුරු දන්නා ඕනෑම අයෙකු ඉදිරිපත්වන ලෙස ඉල්ලා සිටින බවයි.

මේ අතර ඔටාවා නුවරට තදාසන්න බාහීවන් ප්‍රදේශයේ ලාංකික පවුලක සාමාජිකයින්ගේ ඝතනයන් තවමත් ලෝකයේ කතා බහට ලක්ව ඇති මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
8
+1
1
+1
3
+1
27
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?