කැනඩාවේ ඛේදවාචකය වූ නිවසේ හිමිකරු කියන ඇස් උඩ යන කතාව (වීඩියෝ)

පසුගිය වසරේ ජූනි හෝ ජූලි මාසයේදී ශ්‍රී ලාංකික පවුලකට බදු දුන් සිය නිවසේ පිටස්තර පුද්ගලයින් වාසය කළ බව තමන් දැන නොසිටි බව බිහිසුණු සය පුද්ගල සමූහ ඝාතනයක් සිදු වූ ඔටාවා බාර්හෙවන් නිවාසයේ හිමිකරු හර්ප්‍රීත් චබ්‍රා පවසනවා.

කැනේඩියානු ප්‍රවෘත්ති සේවාවකට ඇමෙරිකාවේ මෙත්සිකෝවේ සිට අදහස් දැක්වූයේ ඉන්දීය සම්භවයක් ඇති මෙම කැනේඩියානුවා කියා සිටියේ, මෙම සිදුවීම දැන ගැනීමෙන් පසු තමන් දැඩි කම්පනයට පත්වූ බවයි.

කැනේඩියානු ප්‍රවෘත්ති සේවාවකට අදහස් දැක්වූ හර්ප්‍රීත් චබ්‍රා කියා සිටියේ පසුගිය බ්‍රහස්පතින්දා තමන් ගුවන්තොටුපළේ සිටියදී ඔටාවා පොලිස් නිලධාරින් විසින් මෙම ශෝකජනක සිදුවීම පිළිබඳව දැනුම්දුන් බවයි.

එම තොරතුරත් සමඟ තමන් දැඩි කම්පනයට පත්වූ බවත් ඔහු සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් චබ්රා පවසන්නේ පසුගිය ජුනි හෝ ජූලි මාසයේදී ශ්‍රී ලාංකික පවුලකට බඳු පදනම මත ලබා දුන් සිය නිවසේ දහනව හැවිරිදි අධ්‍යාපනය ලබන තරුණයකු සිටින බව හෝ තවත් පුද්ගලයෙකු සිටින බව දැන නොසිටි බවයි.

එසේම මේ පවුලට පසුගිය මාස දෙකහමාරකට පමණ පෙර බිළිඳියක් එක්වූ බවත් තමන් දැන නොසිටි බව ඔහු සඳහන් කර තිබෙනවා.

අමරකෝන් මුදියන්සේලාගේ ගාමිණී අමරකෝන් නැමති 40 හැවිරිදි පුද්ගලයෙක් ද එම ස්ථානයේ මියගොස් සිටියදී සොයා ගැනුණු අතර පොලිසිය සඳහන් කළේ ඔහු මෑතකදී ශ්‍රී ලංකාවේ සිට පැමිණ පවුල සමඟ ජීවත් වන පවුලේ මිතුරෙකු ලෙසයි.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ධනුෂ්ක ඩිල්හාන් ගේ මිතුරෙකු සඳහන් කළේ මේ වන විට තියුණු ආයුධ ප්‍රහාරය හේතුවෙන් තුවාල ලබා සිටින ධනුෂ්ක යම් තරමක සුවයක් ලබා ඇති බවයි.

ඔහු සමග ධනුෂ්ක කතා කළ බවත් මෙම ප්‍රහාරය එල්ල කළ 19 හැවිරිදි තරුණයාට අනුකම්පා කළ යුතු බවත් ඔහු කියා සිටි බව පවුලේ සමීපතමයා සඳහන් කළා.

පසුගිය බ්‍රහස්පතින්දා ඔටාවා ඇල්ගොන්ක්වින් විද්‍යාලයේ උසස් අධ්‍යාපනය අවසන් කල 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවකු වන ෆෙබ්‍රියෝ ද සොයිසා විසින් තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් ශ්‍රී ලාංකික පවුලක මව ඇතුළු දරුවන් සිව් දෙනකු සහ එම නිවසේ පදිංචිව සිටි තවත් 40 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුට දිවි අහිමි අහිමි වුණා.

ප්‍රහාරය එල්ල කළ 19 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයා එම නිවසේ සිටියදීම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහුට පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනා හයක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිසිය ඔටාවා අධිකරණයට ඉදිරිපත් කළා.

මේ අතර ඔටාවා පොලිස් ප්‍රධානී එරික් ස්ටබ්ස් පවසන්නේ තවමත් මෙම ම්ලේච්ඡ ඝාතනය සිදුකිරීමට හේතු වූයේ කාරණා පිළිබඳව පැහැදිලි යමක් අනාවරණය වී නොමැති බවයි.

කෙසේ වෙතත් මෙම ඝාතනය පසුපස ඇති සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට විමර්ශන කණ්ඩායම් අඛන්ඩ මෙහෙයුමක නිරතව සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
10
+1
6
+1
35
+1
8
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රියදුරුට නින්ද යාම නිසා සුඛෝපභෝගී වෑන් රථයක් අනතුරට..විදුලිි කණුවක් කඩාගෙන නැවතෙයි
01:17
Video thumbnail
උගන්ඩා කුමාරිට කට උත්තර නැතිවෙන්න තිස්සකුට්ටි අමතයි..ඩොලර් මිලියන 2.5 ගේන්න ඕනි නැද්ද?
03:14
Video thumbnail
කම්කරු දිනයෙත් කම්කරුවන් වැඩ.."අපේ තියෙන දුප්පත්කමනේ..ඊට වැඩිය දෙයක් නෑනේ"
02:13
Video thumbnail
NPPයට ජනතා ආකර්ෂණය අඩු වෙලාද ?..මුළු ලංකාවම රත්‍ර වර්ණයෙන් බබළනවා
04:39
Video thumbnail
සහකාර අධ්‍යක්ෂකගේ මරණය ගැන තිස්සකුට්ටිගෙන් ප්‍රබල හෙළිදරව්වක්..සාක්ෂි යට ගහන්න කරපු කුමන්ත්‍රණයක් ?
04:22
Video thumbnail
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රා.කාර්යාලයේ ඇතිවූ හදිසි ගින්න
01:55
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06