කැකණදුර වෙඩි තැබීම මත්ද්‍රව්‍ය සම්බන්ධ ආරවුලක් – මහ මොළකරු රොටඹු අමිල

පසුගිය 15 වනදා මාතර, කැකණදුර ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියේ සියලු සැකකරුවන් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ සීසර්වරයෙක් ලෙස කටයුතු කළ අයෙක්.

මෙම ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා සැඟව සිටිය දී කෑගල්ල, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මෙම වෙඩික්කරුවන දෙදෙනා හෙට්ටිමුල්ල ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී අත්අඩංගුවට ගෙන තිබුණා .

මෙහිදී වෙඩික්කරුවන් දෙදෙනාට අමතරව වෙඩික්කරුවන්ට නවාතැන් දුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

දැනට විදේශගතව සිටින රොටඹු අමිල නැමැති අපරධ කල්ලි සාමාජිකයාගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි අනවරණය වී ඇත්තේ.

මේ සදහා වෙඩික්කරුවන් සදහා අදාළ ආයුධ හා මෝටර් රථය ද රොටඹු අමිල විසින් සපයා ඇති අතර, වෙඩික්කරුවන් විසින් ඝාතනය සිදුකිරීමෙන් පසුව එම මොටර් රථය පන්නිපිටිය, මහල්වරාව ප්‍රදේශයේ අතහැර දමාගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.

ඉන් පසු මොවුන් කෑගල්ල ප්‍රදේශයට ගොස් සැඟව සිටියදී ලද තොරතුරකට අනුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මොවුන්ගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්ණ කිරීමේ දී මෙම ඝාතනය මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටළුවක් මුල් කරගෙන සිදුකර ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

මෙම අපරාධය සඳහා ඔත්තු බැලු පුද්ගලයා සහ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පැද වූ පුද්ගලයා ද පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අනුව මෙම මනුෂ්‍ය ඝාතනය සිදුකිරීමට සම්බන්ධ වූ සියලු සැකකරුවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04