spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

ඒ සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, දසුන් ශානක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර සහ කසුන් රාජිත එක්වනවා.

පළමු එක්දින තරගයට ක්‍රීඩා කළ ඇන්ජෙලෝ මැතිව්ස්, දුෂාන් හේමන්ත, මතීෂ පතිරණ සහ ලහිරු කුමාර අද තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.

ඒ වෙනුවෙන් වනිඳූ හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර සහ සධීර සමරවික්‍රම අද කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ලහිරු කුමාර පළමු එක්දින තරගයේදී පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් අද තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.

දෙරට අතර පැවති පළමු තරගයේ ජය ඇෆ්ගනිස්ථානයට හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
5
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?