spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2023 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

බුලවායෝ හිදී පැවැත්වෙන මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ, නෙදර්ලන්තය සමඟ පැවති තරගයේ දී ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර වෙනුවටයි.

තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වනවිට ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණඩායම් ප්‍රසාද ලකුණු 06 බැගින් ලබා පෙරමුණේ පසුවනවා.

අද පැවැත්වෙන තරගය ජයගන්නා කණ්ඩායමට අවසන් වටයට පිවිසිමේ වැඩි අවස්ථාවක් පවතිනවා.

මේ අතර එක්දින තරග ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 06ක් ක්‍රීඩාකර ඇති අතර, ඉන් තරග 45ක ජය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
13
+1
2
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?