කාසියේ වාසිය නවසීලන්තයට – ශ්‍රී ලංකා පිළේ වෙනස්කම් 05ක්

ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්තය අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගය අද (19) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගන්නට නවසීලන්ත නායකයා සමත් මවු අතර, ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවකර තිබෙනවා.

ඒ අනුව නිශාන් මධුෂ්ක, මොහොමඩ් ශිරාස්, ඩිල්ශාන් මදුශංක, නුවනිඳු ප්‍රනාන්දු සහ චමිඳු වික්‍රමසිංහ කණ්ඩායමට එක්කර ඇති බවයි වාර්තා වුණේ.

චමිඳු වික්‍රමසිංහ අද ක්‍රීඩා කරන්නේ සිය මංගල එක්දින තරගයටයි.