කාලෝ සර් ජීවත්ව ඉන්නකොට මේ ගීතය සර්ට දකින්න ලැබුණේ නෑ

සහේලි ගමගේ කියන නම මතකයට එන්න ප්‍රමාද වුණත් මහ රජාණනි ගීතය එක්කනම් ඔබට ඇයව මතකයට එනු නොඅනුමානයි. දශකයකටත් එහා දිනෙක ඇය ගැයූ ගීතයෙන් තවමත් ඇය ජන මනසේ රැදී සිටින්නියක්. සහේලි කාලයක ඉඳන් වැඩිය දකින්න ලැබුණේ නෑ.. ගායනයෙන් එහා දුටු සිහිනයක් හැබෑ කරගෙන ඇය දැන් විදේශ රටකයි ජීවත් වෙන්නේ. කාලයකට පස්සේ අලුත් ගීත එක්ක ඇය ගැන මතකය අවධි වෙලා. ඒ නිසාම ජීවිතයේ අලුත් තොරතුරු කියන්න දුර රටක ඉඳන්ම ඇය අපිත් එක්ක සම්බන්ධ වුණා.

කාලයකට පස්සේ ඔබේම ගීතයක් අහන්න ලැබෙන්නේ?

වරල සරා කියන්නේ මගේම අලුත් ගීතය. ඒ ගීතය රසිකයන් අතරට ගේන්න ලැබුණා. මේ ගීතය රචනා කළේ මහාචාර්ය කෝට්ටේගොඩ. ගීතය සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ. 2019 තමයි මම මගේම ගීතයක් අන්තිමට කළේ. ඒ ගීතය කළේ ලංකාවට ආපු වෙලාවේ. රඹුක්කන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ තමයි ලස්සන ලංකා කියන ඒ ගීතය රචනා කළේ. අනුෂ්ක දසනායක අයියා තමයි ගීතය සංගීතවත් කළේ.

පසුගිය දවසක පැරැණි ගීතයක් අලුත් විදිහට ඔබ නිර්මාණය කරලා තිබ්බා.

ඔව්. කාලෝ ෆොන්සේකා සර් ජීවත්ව ඉන්න කාලේ මගෙන් ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීම තමයි රත්තරන් දුවේ ගීතය මගේ හඬිනුත් අහන්න ඕනේ කියන ඉල්ලීම. කාලෝ සර්ගේ පවුලයි අපේ පවුලයි කාලයක ඉඳන් හිතවත්. ඒ නිසා කාලෝ සර්ගේ මිනිබිරිය තර්යා ද සිල්වා එක්ක මේ ගීතය කවර් නිර්මාණයක් ලෙස කරනවට තමයි කාලෝ සර් කැමැත්තෙන් හිටියේ. ඒ ඉල්ලීම මම ඉෂ්ට කළා. අනුෂ්ක දසනායක අයියා තමයි රත්තරන් දුවේ කවර් නිර්මාණයට සංගීතය නිර්මාණය කළේ. තර්යා ගීතයේ නර්තන නිර්මාණයට සහ නර්තනයට එකතුවුණා. කාලෝ සර් ජීවත්ව ඉන්නකොට මේ ගීතය සර්ට දකින්න ලැබුණේ නෑ. ඒක තමයි කනගාටුවට කරුණ. නමුත් කාලෝ සර්ගේ බිරිය පර්ල් අත්තම්මා ඇතුළු පවුලේ හැමෝම මේ ගීතය දැකලා සතුටු වුණා.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා ජීවත්ව සිටියදී මේ ගීතය නිර්මාණය නොකළේ ඇයි?

සර් ජීවත්ව සිටියදී මේ ගීතය කරන්න තමයි දැඩි වුවමනාව තිබ්බේ. ඒ කාල සීමාවේ ලංකාවට එන්න ඕනකම් තිබ්බත් මගේ රාජකාරි කටයුතු නිසා ලංකාවට එන්න බැරිවුණා. ඒ නිසා මම කැනඩාවේ ඉඳන් තමයි ගීතය කළේ. නර්තන වීඩියෝව කරන්න මම තර්යාට ගීතය එව්වා. රත්තරන් දුවේ ගීතයේ මුල් ගායනය නන්දා මාලනියගේ.

ඇය ගීතයට ප්‍රතිචාර දැක්වුවද?

නන්දා මාලනී මිස් එක්ක මට කතා කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් ඇය ඇගේ ගීතයට මම කළ කවර් නිර්මාණය ගැන සතුටු වෙන්න ඇති. මුල් ගීතයේ තනු නිර්මාණය රෝහණ වීරසිංහයන්ගේ. එතුමා මගේ ගායනය අගය කළා.

මහ රජාණනි ගීතය තමයි ඔබව ජනප්‍රිය කළේ.

බොහෝ අය හිතන්නෙ ඔබ ගායනා කළේ ඒ ගීතය විතරයි කියලා 2008 වර්ෂයෙදි තමයි මගේ මුල්ම සීඩී එක එළිදැක්වුවේ. මහා රජාණනි ගීතය මම ගායනා කළේ ඊටත් පස්සේ. ඒ 2009දී. දැන් ඒ ගීතය කරලත් අවුරුදු දොළහක්. ඒ ගීතය නිසා තමයි බොහෝ අය මාව හඳුනා ගත්තේ. නමුත් මම දැනට ගීත 70ක් විතර ගායනා කරලා තියෙනවා. ඒත් සමහරු හිතන්නේ මම ගායනා කරලා තියෙන්නේ මහ රජාණනි ගීතය විතරයි කියලා.

saheli maharajanani

දැන් ඔබ වෛද්‍යවරියක්.

ඔව්. මම දැන් ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ්වල ඩාලින් ඩවුන් රෝහලේ Geriatrics and Stroke යුනිට් එකේ Resident Medical Officer(RMO) ලෙස තමයි සේවය කරන්නේ. වෘත්තියත් එක්ක කාර්යබහුලයි. නමුත් කොච්චර කාර්යබහුල වුණත් රෝගීන් සුවපත් වෙනවා දකිද්දි පුදුමාකාර සතුටක් දැනෙන්නේ.

වෘත්තීමය කටයුතු එක්ක දැන් සංගීතයට කාලය වෙන් කරන්න පුළුවන්ද?

මම මගේ වෘත්තියට වගේම සංගීත කටයුතුවලටත් ආදරය කරන කෙනෙක්. සංගීතය මගේ විනෝදාංශය. ඉගෙනීම් කටයුතු නිසා වගේම වෘත්තීයමය කටයුතු නිසා සංගීතයට ලොකු කාලයක් වෙන් කරන්න අමාරු වුණා. නමුත් පුළුවන් හැම වෙලාවකම සංගීතයට කාලය වෙන් කළා. ඉදිරියෙදි වරල සරා වගේ අලුත් ගීත රසිකයන් අතරට ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. සංගීතය අතහරින්න අදහසක්නම් නෑ.

ඒ කියන්නේ දැන් ඔබ ගීත කරන්න කල් ගන්නේ නැති වෙයිද?

මට ලංකාවේ කාලයක් ඉන්න බැරි වුණ නිසා තමයි ඉක්මනින් ගීත කරන්න බැරි වුණේ. දැන් මෙහෙදිම ගීත පටිගත කරගන්න පසුබිම හදාගන්නවා. ඉදිරියෙදි ලොකු කාලයක් නිහඬ වෙලා ඉන්නේ නැතුව හොඳ නිර්මාණ රසිකයන් අතරට ගේන්න උත්සාහ කරනවා.

ලංකාවේ පදිංචියට එන්න දැන්නම් අදහසක් නැතුව ඇති නේද?

ලංකාව කියන්නේ ආදරණීය රටක්. අපි ලංකාවට ආදරෙයි. මගේ සැමියා අධ්‍යාපන කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ. මම කාලයක් අම්මයි තාත්තයි මල්ලියි එක්ක කැනඩාවේ හිටියෙ. නමුත් සැමියාටයි මටයි දෙරටක ඉන්න බැරි නිසා මමත් මාස කිහිපයකට කලින් ඔස්ට්‍රේලියාවට ආවා. දැන් මගේ රැකියාවේ කටයුතු නිසත් දිගටම ලංකාවේ ඉන්න එන්න බැරි වෙයි. නමුත් හැකි හැම අවස්ථාවකම ලංකාවට ඇවිත් යන්න එනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දටත් හිනා ගිය උමන්දාවේ හිමිගේ සැර හින්ට් එක..ඉතුරු වෙච්චා කන්නද කියන්නේ ?
02:45
Video thumbnail
නාමල් කැමති අසූචි මතින් දේශපාලනය කරන්නද ?..නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
03:06
Video thumbnail
සභාපති වූ ඉරාන් ප්‍රථම වරට මාධ්‍යට කිව්ව දේ..අපි ආවේ දේශපාලනයක් කරන්න නෙවෙයි
03:26
Video thumbnail
උමන්දාවේ අලුත්ම වැඩේ බලන්න ගිය හිටපු ජනපති මහින්ද.."පවතින රජයෙන් කිසිම සහයක් අපිට නැහැ"
03:59
Video thumbnail
සජිත්ගේ බිරිඳ ජලනි සජබ මැයි රැළිය ගැන පූර්ණ අධීක්ෂණයක් කරන හැටි..විපක්ෂ නායක ගැම්මට එන හැටි
02:33
Video thumbnail
හෙට හැමෝටම පෙනෙයි කැම්බල් පිටියේ සෙනඟ..ඉවසන් හිටියම ඔළුවට අත හෝදනවා
03:47
Video thumbnail
චාමරට යකා නගියි..SLFP එකේ මෙච්චර කල් අපි පොල් ගාලා නෑනේ..අපිත් ජනපතිලා හදපු මිනිස්සු
02:03
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..මේක නොහැදිච්ච කමනේ..විපක්ෂය කියලා අපිව කොන් කරන්න එපා
02:04
Video thumbnail
ආණ්ඩුව බැලුවේ පාලු ගෙදර වළං බිඳින්න..චාමර සම්පත් ගැම්මට කිව්ව කතාව
02:28
Video thumbnail
රට හොරුන්ට බාරදීපු තත්ත්වය හෙළිකරනවා හෙට..දැවැන්ත මැයි රැලිය හෙට l Ajith Perera
01:36