කාලගුණික දේශගුණික විපර්යාස ජාතික ආරක්ෂාවට ගැටලුවක් සේ සලකා කටයුතු කළ යුතුයි – විපක්ෂ නායක

කාලගුණික හා දේශගුණික විපර්යාස පිළිබඳ අවධානය යොමු කළ යුත්තේ ජනතාව වෙනුවෙන් කරන යුතුකමක් හා අත්‍යවශ්‍ය කාරණාවක් නිසා බවත්, එය ආර්ථික ස්ථාවරත්වයට සේම ආහාර හා ජල සුරක්ෂිතභාවයට ද වැදගත් බවත් මෙය ජාතික ආරක්ෂාවට ද බලපාන ප්‍රශ්නයක් නිසා පූර්ව අපේක්ෂිත පාලනයක් කරා යාමට විවිධ පාර්ශ්ව සමඟ පොදු එකඟතාවක් කරා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමින්.

මෙහි සම සභාපතිවරුන් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහාචාර්ය අබේවික්‍රම කටයුතු කරනු ලබනවා.

සෑම මසකම සති දෙකක් පාර්ලිමේන්තුව රැස්වන නිසා සෑම පාර්ලිමේන්තු සැසිවාරයක ම මේ සංසදය එක් දිනක හමුවිය යුතු බවත් මේ කාර්ය තනිපුද්ගල කාර්යක් නොවන බවත් දේශගුණ විද්‍යාඥයන් විද්වතුන් ස්වාධීන උපදේශක කණ්ඩායම් ඇතුළු විවිධ පාර්ශ්ව මෙයට එක්වන බවත් පක්ෂ දේශපාලන භේදයෙන් තොර ව මේ සංසදය ක්‍රියාත්මක බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

එසේම කාලගුණ දේශගුණ විපර්යාස නිසා ගොවින්ට ධීවරයන්ට ව්‍යාපාරිකයන්ට මුහුණ දෙන අභියෝග ගැන තවදුරටත් සාකච්ඡා කළ යුතු බවත් පරිසර කටයුතු දේශගුණික විපර්යාස ගැන පක්ෂ භේදයෙන් තොර ව විද්වත් විද්‍යාත්මක දත්ත හා තොරතුරු කේන්ද්‍රීය ප්‍රතිචාරාත්මක වැඩපිළිවෙළක් කරා ගොස් යමක් සිදුවීමට පෙර එනම්, ආපදාවට පෙර සූදානම් විය යුතු ආකාරයේ රටක් නිර්මාණය කිරීම ගැන මෙම සංසදයේ දී මූලික අවදානය යොමු කරන බවත් ඔහු පෙන්වා දෙනවා.

එල්නීනෝ ලානීනා තත්ත්වය ගැන විවිධ අදහස් පළ වූ බවත් මෙවර යල කන්නයට එය එතරම් බලපෑමක් නොවුවත් ඊළඟ කන්නවලට එය බලපාන ආකාරය ගැන මෙහි දී සාකච්ඡා කළ බවත් අපට හුරුපුරුදු නැති කාලගුණ දේශගුණ තත්ත්වයන් ගැන පවා මෙහි දී සාකච්ඡා කළ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14