කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතයේ බලපෑම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුර සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකියි.

කුරුණෑගල මාතලේ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උතුර උතුරු මැද නැගෙනහිර වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක 60ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළං බලාපොරොත්තු වනවා.

මෙම කාලගුණික තත්ත්වය මත විශේෂයෙන් නාය යාමේ අවදානම සහිත කඳුකර ප්‍රදේශවල සහ ගංගා ආශ්‍රිතව පහත් බිම්වල ජීවත්වන ජනතාව විමසිලිමත් විය යුතුයි.

කඳුකර ප්‍රදේශවල මාර්ග භාවිත කරන්නන් සහ රථ වාහන පදවන්නන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසටයි දැනුම් දෙන්නේ.

එමෙන්ම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

කඩා වැටෙන ගස්වලින් සහ විදුලි රැහැන්වලින් ආරක්ෂා වීමට ද පියවර ගත යුතුයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු අතර හදිසි අවස්ථාවකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසට දැනුම් දෙනවා.

මේ අතර ගැඹුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල උතුරු අක්ෂාංහ 5ත් 12ත් සහ නැගෙනහිර දේශාංශ 78 සහ 88 අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 45ක් 50ක් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 60ක් 70ක් දක්වා වැඩිවිය හැකියි.

එම මුහුදු ප්‍රදේශ ඉතා රළු හෝ රළුවන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

එමෙන්ම පොතුවිල් සිට මඩකලපුව ත්‍රිකුණාමලය කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 60 ක් දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම එම ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5ක් 3.0ක් පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් ද පවතිනවා.

එබැවින් අදාළ මුහුදු ප්‍රදේශය රළු වන අතර විටින් විට ඉතා රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇතිවිය හැකියි.

මෙම තත්ත්වය මත උතුරු අක්ෂාංශ 5ත් 12ත් නැගෙනහිර දේශාංශ 79ත් 88ත් අතර මුහුදු ප්‍රදේශයට ඉදිරි පැය 24 තුළ යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දෙනවා.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසටයි දැනුම් දෙන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙසට ද ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය බටහිර දෙසට ගමන් කරමින් පවතින අතර අද උදෑසන 5.30 වන විට මඩකලපුවට කිලෝමීටර් 110ක් පමණ නැගෙනහිරට බරව පැවති බවයි.

එය බටහිරට බරව නිරිත දෙසට ගමන් කර අද නැගෙනහිර වෙරළ තීරය වෙත ගමන් කිරීමට ඉඩ ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58