කාලගුණයට කෝපා කමිටුවේ දැඩි අප්‍රසාදය

ලෝක කාලගුණ විද්‍යා සංගමය මඟින් ලබා දුන් රේඩාර් පද්ධතියක් ගොන්ගල ප්‍රදේශයේ ඉදිකිරීම වෙනුවෙන් සිදුකළ අසාර්ථක ව්‍යාපෘතියක් නිසා රුපියල් මිලියන78ක අලාභයක් රජයට සිදුවී ඇති බව, රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී පසුගියදා අනාවරණය වුණා.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් 2023.08.10 වන දින පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවට 2019, 2020 සහ 2021 වසරවල විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය පිළිබද පරීක්ෂාව සදහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කැදවා තිබූ අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.

2008 වසරේ ක්‍රියාත්මක කර ඇති මෙම ව්‍යාපෘතියේදී මෙම රේඩාර් පද්ධතිය සදහා රුපියල් මිලියන 402ක් වියදම් කර ඇති බවත් ලෝක කාලවිද්‍යා සංගමය මගින් ඉන් රුපියල් මිලියන 323ක් නැවත ලැබී ඇති බවත් මෙහිදී හෙළි වුණා.

මෙම ව්‍යාපෘතිය මෙරටට රැගෙන ඒමට පෙර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් මෙම යන්ත්‍රය පරීක්ෂාකර බලා මෙය ක්‍රියාත්මක තත්ත්වයේ නැති බැවින් මෙරටට රැගෙන නොඑන ලෙස දැනුම්දී ඇති බවටයි කෝපා කමිටුවේ දී අනාවරණය වී ඇත්තේ.

අදාළ ස්ථානයට මාර්ගයක් සකස් කිරීම වෙනුවෙන් වසර ගණනාවක් ගතව ඇති බවත්, එහිදී මෙම උපකරණ යල්පැන ගිය තත්ත්වය පත්ව ඇති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරී පැවසුවා.

අනතුරුව මෙය රැගෙන යන දොඹකරය හා මාර්ගය කඩාවැටීම නිසා යම් උපකරණ ප්‍රමාණයක් විනාශ වී ඇති බවත් ඉතිරි උපකරණ අස්ථානගත වී ඇති බවත් ඔවුහු පෙන්වා දුන්නා.

මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සහ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් පරීක්ෂණයක් ද ක්‍රියාත්මක බවත් අනාවරණය වුණා.

මේ අනුව විශාල අලාභයක් ද සිදුකර සම්පූර්ණයෙන් අසාර්ථක වී ඇති මෙවැනි ව්‍යාපෘති වෙනුවට නවීණ තාක්ෂණය සමඟ කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව නිවැරදි අනාවැකි ඉදිරිපත්කිරීමට ඵලදායි ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කමිටුව විසින් අවධාරණය කළා.

පවතින නියං තත්ත්වය පිළිබද නිවැරදි අනාවැකි යොමු නොකිරීම පිළිබදව පවතින වාර්තා සම්බන්ධයෙන් මෙහිදී විමසීම් කළා.

මෙහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ පසුගිය අප්‍රේල් මාසයේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය ඇතුළු අදාළ රාජ්‍ය ආයතන ඇතුළු කලාපීය රටවල් සමග පවත්වන ලද මෝසම් කථිකාව නම් සාකච්ඡාවේදී මේ පිළිබදව දැනුම් දුන් බවයි.

එහෙත් කමිටුව පෙන්වා දුන්නේ මෙම අදාළ ආයතන විසින් මේ සම්බන්ධ තොරතුරු තමන් වෙත ලබා නොදුන් බව පැවසිය හැකි නිසා පනතක් මඟින් නෙනතික තත්ත්වය සකසන තුරු කැබිනට් තීරණයක් මඟින් හෝ අදාළ සියලු ආයතන සමඟ ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කරන ලෙසයි.

එමෙන්ම මසක් තුළ මේ සම්බන්ධව කෝපා කමිටුවට වාර්තා කරන ලෙසත් උපදෙස් දෙනු ලැබුවා.

එසේම පළකළ අනාවැකිවල සාර්ථකවීමේ ප්‍රගතිය පිළිබද දත්ත තිබේදැයි විමසන ලද අතර, නමුත් එවැනි වැඩපිළිවෙලක් නොමැති බව හෙළිවූ අතර ලොව අනෙකුත් රටවල තත්ත්වය ද සලකා බලා විධිමත් වැඩපිළිවෙලක් කඩිනමින් සකසා මසක් ඇතුළත වාර්තා කරන ලෙස උපදෙස් දුන්නා.

මේ අතර වර්ෂාමාන 453ක් පිහිටුවා තිබියදී ඉන් 73ක් අක්‍රීයව පැවතීම පිළිබද අවධානය යොමු වුණා.

එමෙන්ම 2018 වසරේ දී ස්වයංක්‍රීය වර්ෂාමාන 122ක් ස්ථාපිත කර තිබුණ ද බැටරි ක්‍රියාත්මක නොවීම වැනි කරුණු නිසා දැනට 70ක් ක්‍රියාත්මක නොවීම පිළිබදව මෙහිදී විශේෂ අවධානය යොමුවුණා.

මෙම වර්ෂාමාන නිසි පරිදී ස්ථාපිත කොට ක්ෂණිකව දත්ත ලබා ගත හැකි වැඩපිළිවෙලක් මසක් තුළ ඉදිරිපත් කරන ලෙස දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.

දෙපාර්තමේන්තුව සතුව විගණන නිලධාරියෙක් නොමැති බැවින් විගණන කමිටු පවත්වා නැතිබව ද මෙහිදී අනාවරණය වුණා.

රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව මැන බැලීමේ කෝපා කමිටු වැඩපිළිවෙලේ අවම ලකුණු ලබාගත් ආයතනයක් ලෙස ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවතින බව පෙන්වා දුන් කමිටු සභාපතිවරයා ආයතනයේ දුර්වල පරිපාලනය පිළිබද දැඩි අප්‍රසාදය පළ කළා.

එබැවින් පරිපාලන ගැටලු කඩිනමින් විසදා ගැනීමට මීට වඩා අමාත්‍යාංශයේ මැදිහත්වීම සිදුකරන ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට කමිටු සභාපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබුවා.

  1. North Koren President mathak wenne menna me welawata. keti nadu wibhgayak. weradhi kala ewun thora gannawa. ekko minee kana ballanta kanna danawa, natinam oluwata wdi thiyala danawa. aye wena ewun mehema sellam danna enne nahe. neethiya pana madhi danna nisath, onema darunu aparadhayak karala neethiyen berila yanna lawyers la pihita wena bawa danna nisath weradhi karanna bhaya nahe. neethiyata garu kireemak ho nahe.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18