කාර් ගණන් උස්සයි

තමන්ගේම කියලා වාහනයකට හිමි කම් යන්න හීන දකින බොහෝමයක් අපේ රටේත් ඉන්නවා. ලංකාවේ දැනට පවතින ආනයන සීමා නිසා ඒ් හිනේ සැබෑ කරගැනීමට තවත් කාලයක් බලාගෙන ඉන්න වෙනවා කියන ඇත්ත නම් තිත්ත වුණත් බාර ගන්න වෙනවා.

වාහන ආනයනය සීමා වීම නිසාම රට තුළ තියෙන වාහන මිලත් අහස උසයි. මීට අවුරුද්දකට ඒකහාමාරකට කලින් රු මිලියන 3ක් වෙච්ච වාහන අද ඒ් වගේ දෙගුනයකින් වටිනා කම වැඩි වෙලා.

මේ කියන්න යන්නේ එහෙම වටිනාකම වැඩි වෙච්ච වාහන ගැන නම් නෙවෙයි. වාහනවල තියෙන ගුණාත්මක කම හා සැපපහසුව නිසාම නිෂ්පාදන කාර්යයයේ වූ පිරිවැයට සාපේක්ෂව වටිනාකම් තැබූ  වාහන ගැන.

මේ තමයි මේ වන විට ලෝකයේ ඉහළම මිල ගණන් යටතේ විකිණෙන වාහන. මේවා සාමාන්‍ය මිනිහෙක්ට නම් හිතන්වත් බැරි තරම් මිල අධිකයි. ඒ් නිසාම මේවා අයිති කරගන්නේ ධනකුවේරයින් , රාජ්‍ය නායකයින් වගේ අය.

අපිට හිතාගන්නවත් බැරි ධනවතුන්ගේ ආභරණයක් බදු වූ ඒවැනි කාර් කීපයක් තමයි මේ.

Bugatti La Voiture Noire – ඩොලර් මිලියන 18යි

A9 LVN

he black car යන අන්වර්ථ නාමයෙන් මෙය හදුන්වයි. Bugatti සමාගමේ නිර්මාණකරුවන් අතින් මෙය නිමවා ඇත්තේ කාබන් තන්තු ( Carbon Fiber ) උපයෝගී කරගනිමිනි. මෙයට 8 liter- quad – turbo 16- cylinder එංජිමක් ඇත. අශ්වබල 1500 ක් ඇත. 62 mph in 2.4 (තත්පර 2.4 ක දී පැයට සැතපුම් 62ක වේගයක් සපයයි). වාහනය ඉදිරියේ Bugatti ලකුණ සඳහන් කර ඇත.

Rolls – Royce Sweptail – ඩොලර් මිලියන 13යි

original

Rolls – Royce සමාගම වෙතින් 2017 දී පාරිභෝගිකයෙකුගේ ඉල්ලීම මත නිපදවන ලද කාරයකි. එම ඉල්ලීම මත සෑදූ බැවින් එය වෙළෙඳපලට යොමු නොකෙරිණ. එය ආසන දෙකක වාහනයකි. එය 6.75 – liter v 12 එංජිමක් සහිතව සකසා ඇති අතර වේග 8 ක සම්ප්‍රේශනයක්( speed transmission) සමඟ අශ්ව බල 453 ක බලයක් සපයයි.

V 12 ගණයේ එංජිම නිසා වැඩි ඉන්ධන පිරිවැයක් දැරීමට සිදු ව ඇත. එහි swichgear ය අඩු සහ විවෘත වූ සිදුරු සහිත paldao කින් යුක්තය. වහලය විනිවිද ව පෙනෙන වීදුරුවලින් සමන්විත ය.

Koenigsegg’s CCXR Trevita – ඩොලර් මිලියන 4.8යි

0070a47497519b92204f73b864e2e0f7

මෙම කාර් රථය Koenigsegg Company හි නිපදවීමකි. කළු ආලේපිත තන්තු ,සුදු සිල්වර්, මෙන් ම සුදු දියමන්ති පැහැයෙන් වාහනය වර්ණ ගන්වා ඇත. 4.8 twin – Supercharger 8 V එංජිමක් මෙය සතුය. තත්පර 2.9කදී 250mph ඉක්මවන ( over 250 mph in 2.9 seconds ) අතර වේග 6ක සම්ප්‍රේශකයක් ( speed transmission) පවතී.

carbon – ceramic breaks with ABS, airbags,paddle-shift, Chrono instrument cluster, infotaient system, tire monitoring system, hydraulic lifting යන අංග ගණනාවක් මේ සතුව ඇත.

Lamborghini Veneno Roadster – ඩොලර් මිලියන 4.5යි

56959

ඉතාලියේ Lamborghini Automobile Company හරහා මෙය නිපදවා ඇත්තේ හිටපු සෞදි අරාබියේ රජ පවුලේ සාමාජිකයෙකුට යි. එය මෙම සමාගමෙ 50 වන සංවත්සරය වෙනුවෙන් නිෂ්පාදනය වූවක්. 6.5 liter aspirated v 12 එංජිමක් සහිත ය. තත්පර 2.9 කින් පැයට කිලෝමීටර් 0- 100 (0-100km/h in 2.9 Seconds ) ක වේගයක් ඇත. 552 kW උපරිම බලයක් සහිත ය. වේග 7ක සම්ප්‍රේශනයක් ( speed transmission) සහිත ය.

McLaren P1 LM – ඩොලර් මිලියන 3.6යි

McLaren

මෙය Hybrid fast sports car විශේෂයකි.මෙහි 3.8 liter -twin -turbocharger v 8 එංජිමක් සහිත ය. වේගය 903hp ය. වේග 7ක සම්ප්‍රේශනය ( 7 – speed dual clutch transmission )කි. තත්පර 2.8කදී 0- 100 km /h අතර වේගයක් සහිත ය. කළු,කහ සහ නිල් පැහැයෙන් වර්ණ ගැන්වීම් සිදු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ උණුසුම් තත්ත්වයක් - වග උත්තරකරුවෙක් කොහොමද නඩුවක් ඉල්ලා අස් කර ගන්නේ
05:14
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් සජිත්ට රිදෙන්නම දෙයි
08:32
Video thumbnail
ICC සභාපති පැමිණීම ගැන ක්‍රිකට් කමිටුවෙන් කිව්ව දේ - කණගාටුයි මට, ඇත්තටම දුකයි වැරදි තර්කයක් කියලා
02:25
Video thumbnail
මේකට ඩිමෙන්ශියා..මේ පි## එක්ක මේක කරන්න බෑ - මුන් හිතනවද දන්නේ නෑ ගොවියා කොහා කියලා
09:22
Video thumbnail
"අපි මැ#ණත් මෙතනින් නැගිටින්නේ නෑ"ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක
10:33
Video thumbnail
ඔයාලගේ නායකයා තමයි ප්‍රභාටත් මිනී##න්න ඉගෙන්නුවේ
04:54
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන ජනපතිගෙන් සැර කතාවක් - උස්සන් යන එක අශිෂ්ට ක්‍රියාවක්
02:30
Video thumbnail
අධිකරණ ඇමතිතුමා සජිත්ට දාපු කින්ඩිය
09:53
Video thumbnail
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ අවුරුද්දේ අහෝසි වෙනවා - අපි වෙනම පනතක් නිර්මාණය කරනවා
03:24
Video thumbnail
සජිත්ගේ කතාව මැද නැගිට්ට ආණ්ඩුවේ ලොක්කෙක් සජිත්ගෙන් හොඳටම අහගනී
07:06