කායවර්ධන ශිල්පියෙකුගේ සැක සහිත මරණය ගැන විමර්ශනයක්

එප්පාවල, කටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි කායවර්ධන ශිල්පියෙකුගේ සැක සහිත මරණය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

පසුගිය 10 වනදා පස්වරුවේ මෙම පුදගලයා සිය නිවස ඉදිරිපිට වැටී සිටිය දී ඔහුගේ බාල සොහොයුරා විසින් ඔහුව කටියාව – යාය 09 ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහලට මාරුකර යවා ඇති අතර, එම රෝහලේ දැඩිසත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පෙරේදා (15) දිනයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මොහුගේ මෙම මරණය සැලවීමත් සමඟ ඔහුගේ පියා ද සිත් තැවුලට පත්ව වස පානය කර අනුරාධපුර ශික්ෂණ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

මෙම කායවර්ධන ශිල්පියා රෝහල් ගත කිරීමට පෙර බීමතින් පැමිණ නිවස අසල කෑකෝ ගසා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් මෙම පුද්ගලයාට කොසිවෙකු හෝ සිදුකළ පහරදීමකින් මිය ගියා ද, ශරීරය වර්ධනය කරගැනීම සඳහා ඔහු භාවිත කළ උත්තේජකවල ප්‍රථිඵලයක් මත මෙම මරණය සිදුවූවා ද, නැතහොත් වෙනත් රෝගී තත්ත්වයක් නිසා මරණය සිදුවූයේ ද යන්න සම්බන්ධයෙන් ප්‍රියංකරගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වූ දෙදරු පියෙක් වූ මෙම කායවරධන ශිල්පියාගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය අද (17) දිනයේ සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39