කායවර්ධන ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී සහ ලෝකඩ පදක්කම් (ඡායාරූප)

දකුණු කොරියාවේ සහ මැලේසියාවේ පැවති කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලි දෙකකට සහභාගී වී ඒවායින් රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් තෙනුර ලක්සෙන් ක්‍රීඩකයා අද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

දකුණු කොරියාවේ පැවති 14 වන ලෝක කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලියේ දී කනිෂ්ඨ කිලෝග්‍රෑම් 75 ට වැඩි බර පන්තිය යටතේ තරග කළ තෙනුර එහිදී දෙවන ස්ථානයට පත් වෙමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

මෙම තරගාවලිය ඉකුත් 06 වැනි දින සිට 12 වැනි දින දක්වා සියෝල් නුවර දී පැවැත්වුණා.

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දී පසුගිය 26 සහ 27 දිනවල පැවති කායවර්ධන ජාත්‍යන්තර ෆෙඩරේෂන තරගාවලියේ දී තෙනුර ලක්සෙන් ක්‍රීඩකයා කායවර්ධන කනිෂ්ඨ විවෘත අංශයෙන්, ස්පෝර්ට්ස් කනිෂ්ඨ විවෘත අංශයෙන් රිදී පදක්කම් 02 ක් සහ ක්ලැසික් කනිෂ්ඨ විවෘත අංශයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූ බවත් වාර්තා වනවා.

20 හැවිරිදි තෙනුර ක්‍රීඩකයා මෙම ජයග්‍රහණ රැගෙන අද උදෑසන 09.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 219 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර ඔහු පිළිගැනීමට සිය මව ඇතුළු පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

20231129 105124 scaled
20231129 105207 scaled
20231129 105213 scaled
20231129 105217 scaled
20231129 105235 scaled
20231129 105523 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03