කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් කොළඹ වරායට

රජ‍යේ පොහොර ආයතන දෙකක් විසින් මිලදී ගනු ලැබූ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් කොළඹ වරායට පැමිණි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදාදීමේ වැඩසටහන අද (13) අම්පාර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරුණු අතර, මෙම දීප ව්‍යාප්ත වැඩසටහනට සමගාමීව මෙම කාබනික පොහොර තොගය මෙරටට ආනයනය කෙරුණා.

ඒ අනුව මෙම පොහොර තොගය ලැබීමත් සමග සෙසු දිස්ත්‍රික්කවල ද වී ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ලබාදීමට කටයුතු සලසා ඇති බවයි පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කාබනික පොහොර ලබාදීමේදී වී වගාව සුලබව සිදු කෙරෙන අම්පාර,හම්බන්තොට,මොනරාගල,කුරුණෑගල,පුත්තලම සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතාව ලබාදීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28