කාබනික පොහොර මිල දී ගැනීමට මහ කන්නයේ සිට ගොවීන්ට සහනාධාර

කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ඉදිරියටත් රජය විසින් පවත්වාගෙන යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ලබන මහ කන්නයේ දී වගාකරන කුඹුරුවලින් 30%ක් කාබනික වගාවට නිර්දේශ කරන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ, සඳහා වන නිර්දේශ දැනටමත් ලබාදී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ප්‍රමිතිය පරීක්ෂා කිරීමකින් තොරව කිසිඳු කාබනික පොහොර වර්ගයක් සඳහා අනුමැතිය ලබා නොදීමට තීරණය කළ බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම ලබන මහ කන්නයේ දී කාබනික වගාවෙහි යෙදෙන ගොවීන්ට කාබනික පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාර මුදලක් ලබාදීමටත් පියවර ගන්නා බව සඳහන් කළ අමාත්‍යවරයා අවශ්‍ය කාබනික පොහොර තෝරා ගැනීමේ අයිතිය ගොවීන්ටම ලබාදෙන බව සඳහන් කළා.

ගොවීන් මිලදී ගත යුතු කාබනික පොහොර රජය බලහත්කාරයෙන් තීරණය නොකරන බවත් අමාත්‍යවරයා දන්වා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58