කාබනික පොහොර භාවිතයට ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා.

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යෝකෝයාමා (Kenichi Yokoyama) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පවසයි.

මෙරට ව්‍යාපෘති වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේ දී ඩොලර් මිලියන 750ක සහනදායී ණය මුදලක් ලබා දී තිබේ. එම මුදල ලබන වසරේ දී ඩොලර් බිලියනයක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව කෙනිචි යෝකෝයාමා මහතා සඳහන් කළේය.

05 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා සමග පැවති හමුවේ දී ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසීය.

කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති සාර්ථකත්වය තුළින් අභියෝග හමුවේ ජයගැනීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව මැනවින් පෙන්නුම් කරන බව කෙනිචි යෝකෝයාමා මහතා සඳහන් කරනු ලැබීය.

සමස්ත රාජ්‍ය සේවාවත් සෞඛ්‍ය සහ ආරක්ෂක අංශත් එක්ව ක්‍රියා කිරීමෙන් එන්නත්කරණ වැඩපිළිවෙළ සහ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට හැකි වූ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

පොසිල ඉන්ධන භාවිතය අවම කරමින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත පරිවර්තනය රජයේ අභිප්‍රාය යි. ඒ සඳහා සූර්ය හා සුළං මගින් විදුලි උත්පාදන ව්‍යාපෘති රැසක් සැලසුම් කර තිබේ. කාබනික පොහොර භාවිතය සඳහා ද රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹ ඇත. කාබනික පොහොර නිෂ්පාදනයට සහ නයිට්‍රජන් නිස්සාරණයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට මැදිහත් වන ලෙස ද ජනාධිපතිතුමා කෙනිචි යෝකෝයාමා මහතාගෙන් ඉල්ලා සිටියේය.

ග්‍රාමීය ජනතාවගෙන් 90%ක් වන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලි පිරිසගේ ආදායම හා ජීවන තත්ත්වය නඟා සිටුවීම රජයේ අපේක්ෂාවයි. එමෙන්ම ආර්ථිකමය වශයෙන් ඵලදායී වගාවන් මගින් වන ආවරණය වැඩි කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අපේක්ෂා කරන බව පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ චෙන් චෙන් (Chen Chen), නියෝජ්‍ය අධ්‍යක්ෂ උට්සව් කුමාර් (Utsav Kumar), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14