කාන්තාවන් සහ ළමුන් සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍යයට එක් කළොත් දැඩි දඩුවම්

ළමුන් සහ කාන්තාවන් හිංසනයට පත් කිරීම හෝ එවැනි ආකාරයේ සිදුවීම් සමාජ මාධ්‍ය වෙත එක් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ එවැනි වරදවල් සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන්ට අවම වශයෙන් බරපතල වැඩ සහිතව හෝ රහිතව වසර 2ක සිර දඩුවම් නියමවන බවයි.

එමෙන්ම දඩයක් පැනවීම ද සිදු කෙරෙන අතර අදාළ දඩුවම් නියම කරනු ලබන්නේ අධිකරණ ක්‍රියාමාර්ගවලින් අනතුරුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.

කාන්තාවන් සහ ළමුන්ට හිංසන වන ආකාරයේ ක්‍රියා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම නීතියෙන් තහනම් කටයුත්තක් වන අතර කිසියම් අයෙකු ඒවා සමාජගත කරන්නේ නම් ඔහු සිදු කරනු ලබන්නේ බරපතල වරදක් බව නිහාල් තල්දූව මහතා අවධාරණය කළා.

නවගමුව ප්‍රදේශයේදී චීවරධාරියෙකු සම්බන්ධ සිදුවීමේදී ද අදාළ වීඩියෝ සමාජ මාධ්‍ය වෙත එක් කිරීම බරපතල වරදක් වන බැවින් ඊට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14