කාන්තාවකගේ මොළයෙන් පණුවෙක් හමුවෙයි

ලොව පළමු වරට ඕස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළයේ තිබී සෙන්ටි මීටර් 8 (අඟල් 3)ක පණුවෙකු හමුවී තිබෙනවා.

පසුගිය වසරේ කැන්බරා හි රෝහලකදී සිදු කෙරුණු ශල්‍යකර්මයේදී රෝගියාගේ හානියට පත් මොළයේ ඉදිරිපස කොටසෙන් නූල් වැනි ව්‍යුහයක් හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ශල්‍ය වෛද්‍ය හරි ප්‍රියා බන්ඩි පැවසුවේ, එය බලාපොරොත්තු වූ දෙයක් නොවන අතර සියලුදෙනා කම්පනයට පත් වූ බවයි.

64 හැවිරිදි මෙම කාන්තාව බඩේ කැක්කුම, කැස්ස සහ රාත්‍රියේ දහඩිය දැමීම වැනි රෝග ලක්ෂණ සමග මාස ගණනාවක් තිස්සේ පීඩා විඳිමින් සිටි අතර අනතුරුව එය අමතක වීම සහ මානසික අවපීඩනය දක්වා වර්ධනය වී තිබෙනවා.

2021 වසරේ ජනවාරි මාසය අවසානයේ ඇයව රෝහල් ගත කරන ලද අතර පසුව සිදු කරන ලද ස්කෑන් පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ඇයගේ මොළයේ දකුණු ඉදිරිපස කොටසේ අසාමාන්‍ය තුවාලයක් ඇති බවයි.

කෙසේවෙතත් ඇයගේ රෝගී තත්ත්වයට හේතුව නිශ්චිතව අනාවරණය වී ඇත්තේ 2022 වසරේ ජූනි මාසයේ බයොප්සි පරීක්ෂණයකදී යි.

රතු පරපෝෂිතයා ඇගේ මොළයේ මාස දෙකක් පමණ කාලයක් ජීවත් වන්නට ඇති බවටයි වෛද්‍යවරු පවසන්නේ.

ගිනිකොනදිග නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වැවක් ආශ්‍රිතව ජීවත් වූ මෙම කාන්තාව මේ වන විට සුව අතට හැරෙමින් සිටිනවා.

මෙම සිදුවීම මිනිස් මොළයේ කීටයන් ආක්‍රමණයේ සහ වර්ධනයේ පළමු අවස්ථාව ලෙසටයි සැලකෙන්නේ.

පණුවා සොයාගත් ස්නායු ශල්‍ය වෛද්‍යවරයා පැවසුවේ ස්කෑන් පරීක්‍ෂණවල අමුතු ලෙස පෙන්නුම් කළ මොළයේ කොටස ඇයට දැනෙන ආකාරයෙන් ස්පර්ශ කිරීමට පටන් ගෙන තිබූ බවයි.

පර්යේෂකයන් අනතුරු අඟවන්නේ සතුන්ගෙන් මිනිසුන්ට රෝග හා ආසාදන ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බව මෙම සිද්ධියෙන් පෙන්වා දෙන බවයි.

ඔෆිඩස්කාරිස් රොබර්ට්සි (Ophidascaris) පණුවන් පිඹුරන් තුළ බහුලව දක්නට ලැබෙන බව සඳහන්.

විද්‍යාඥයන් පවසන්නේ මෙම කාන්තාවගේ මොළයට බොහෝ විට පණුවා ඇතුල් වන්නට ඇත්තේ ඇය ජීවත් වූ ස්ථානයේ වැවක් අසලදී වන්නට ඇති බවටයි.

එම ප්‍රදේශයේ බහුලව පිඹුරන් ද වාසය කරන බව හෙළිවී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26