කාන්තාවකගේ ගෙළ සහ කට කපා පළාගිය අනියම් පුරුෂයා සොයා පොලිස් මෙහෙයුම්

පොලිස් නිලධාරියෙකු ඉදිරිපිට දී කාන්තාවකගේ ගෙළ සහ කට ප්‍රදේශය පිහියකින් කපා තුවාල සිදුකර පළා ගොස් ඇති අනියම් පුරුෂයා අත්අඩංගුවට ගැනීමට විමර්ශණයක් ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසනවා.

ඊයේ (05) පස්වරුවේ වෙන්නප්පුව – අංගම්පිටිය ප්‍රදේශයේ උළු කර්මාන්තශාලා භූමියක කම්කරු නිවාසයක් තුළ දී මෙම සිද්ධිය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පිහි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ 30 හැවිරිදි වියේ පසු වූ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි පොලිසිය පැවසුවේ.

අදාළ කාන්තාව තම විවාහක ස්වාමිපුරුෂයාගෙන් සහ දරුවන්ගෙන් වෙන්ව වෙනත් පුරුෂයින් කීපදෙනෙකු සමඟ පසුගිය කාලය තුළ ජීවත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස සිව්වන අනියම් පුරුෂයා ලෙස තෝරාගත් පුද්ගලයා සමඟ අදාළ කාන්තාව මීට මාස 02 කට පමණ පෙර වෙන්නප්පුව – අංගම්පිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන උළු කර්මාන්ත ශාලාවක් වෙත පැමිණ ඇති බව සඳහන්.

අනතුරුව එම කර්මාන්ත ශාලාවේ කම්කරු නිවාසයක පදිංචි වී දෙදෙනාම කම්කරුවන් ලෙස එහි සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.

තම අනියම් පුරුෂයා විසින් තමන්ට නිතර පහර දෙමින් වධ හිංසා කරන බවට මෙම කාන්තාව පසුගිය 04 වනදා වෙන්නප්පුව පොලීසියට ගොස් පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් විභාග කිරීම සදහා වෙන්නප්පුව පොලීසියේ නිලධාරියෙකු ඊයේ (05) සවස ඔවුන් පදිංචිව සිටින
උළු කර්මාන්ත ශාලාවේ කම්කරු නිවාසය වෙත පැමිණ ඇති බව සඳහන්.

එහිදී දෙපාර්ශවය කැඳවා අවවාද කිරීමෙන් අනතුරුව දෙදෙනාගේම කට උත්තරයක් ලබා ගැනීමට පොලිස් නිලධාරියා කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවේ දී අනියම් සැමියා එක් වරම තියුණු ආයුධයකින් කාන්තාවගේ ගෙළ සහ කට කපා දරුණු ලෙස කපා ඇති බවයි පොලිසිය පැවසුවේ.

පසුව සිද්ධියෙන් කලබලයට පත්ව ඇති පොලිස් නිලධාරියා මේ බව තම උසස් නිලධාරීන්ට දැනුම් දීමට කටයුතු කරන අතර වාරයේ සැකකරු තමා හැද සිටි ටී ෂර්ටයෙන් කාන්තාවගේ ගෙළ ආවරණය කර පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කාන්තාව ද කම්කරු නිවාසයෙන් පිටතට පැමිණ මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහනයක නැඟ ලුණුවිල ප්‍රාදේශීය රෝහලට ගොස් ඇති අතර, පසුව බරපතළ තත්ත්වයේ පසු වූ කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

සිද්ධියෙන් පසු පළාගොස් සැඟව සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වෙන්නප්පුව පොලීසිය විමර්ශන ආරම්භකර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23