කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුව සඳුදා

වතිකානය බලා පිටත්ව ගිය අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අතර හමුව ලබන සඳුදා දිනයට සැළසුම් කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් 60 දෙනෙකු සමග අගරදගුරු හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගියේ ඊයේ පෙරවරුවේයි.

මෙම පිරිස අනිද්දා ශාන්ත පීතර බැසිලිකාවේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙයකට එක්වීමට ද නියමිතයි.