spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාදිනල් හිමියන්ගෙන් පොලිසියට සහ පැවති රජයට චෝදනාවක් (වීඩියෝ)

වසර දෙකකට ඉහත දී බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබූ සිද්ධියේ විමර්ශන සම්පූර්ණයෙන්ම නොමඟ යැවීමට එවක රජය සහ පොලිසිය කටයුතු කළ බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් චෝදනා කරනවා.

එම දේවස්ථානය ඉදිරිපිට අද (14) පෙරවරුවේ පැවති විරෝධතාවයක දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කාදිනල් හිමියන් මෙම චෝදනාව එල්ලකර සිටියා.

මෙහිදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ මෙම සිදුවීම සිදු වී වසර දෙකක් ගතව තිබියදීත් සාධාරන විමර්ශනයක් මේ දක්වා සිදුව නොමැති බවයි.

අත් බෝම්බය ගෙනවිත් පල්ලිය තුළ තිබූ පුද්ගලයා පැහැදිලිව හඳුනාගැනීමට හැකියාව පවතින බව සඳහන් කළ උන්වහන්සේ, ඔහු එලෙස සිදුකළේ කවරෙකුගේ උවනමාවකට යන්න සම්බන්ධයෙ සම්පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසට ද ඉල්ලා සිටියා.

2022 වසරේ ජනවාරි 11 වනදා බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?