කාත්තන්කුඩියේ සිට සිසුවියක් පාපැදියෙන් අගමැතිනිය හමුවෙන්න ඇවිත් (ඡායාරූප)

කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණි පාසල් දැරියක් අද (14) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍යවරිය හමු වුණා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වූ ෆාතිමා නඩා නැමැති මෙම සිසුවිය ඇයට සංදේශයක් භාර දෙනු ලැබුවේ.

ළමුන් සහ තරුණ පරපුර පීඩාවට පත්කර ඇති මත්ද්‍රව්‍ය අර්බුදයට එරෙහිව සහ ළමා අපයෝජන වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඇය මෙම සංදේශය භාරදී තිබෙනවා.

WhatsApp Image 2024 10 14 at 4.12.52 PM 2
WhatsApp Image 2024 10 14 at 4.12.52 PM 1 2
WhatsApp Image 2024 10 14 at 4.12.53 PM 2