කාත්තන්කුඩියේ බස් රථයක් ගිනි තබා විනාශ කෙරේ

මඩකලපුව – කාත්තන්කුඩි පොලිස් වසමට අයත් ආරයම්බති ප්‍රදේශයේ නවතා තිබූ පෞද්ගලික බස් රථයකට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් ගිනි තබා තිබෙනවා.

මෙම ගිනි තැබීම හේතුවෙන් බස් රථය සම්පූර්ණයෙන් ම ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථය ගිනි ගැනීමට පෙර ආරයම්බති ප්‍රදේශයේ නවතා තබා තිබෙනවා.

එය මඩකලපුව – පොතුවිල් මාර්ගයේ ධාවනයට යොදවා ඇති බස් රථයක් බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රී 07ට බස් රථය ධාවන වාරය අවසන් කර, එහි හිමිකරු සිය ගම් පළාත වන කොක්කටිචෝලෛ වෙත ගොස් තිබෙනවා.

අද අලුයම 03ට පමණ මඩකලපුව පොලිසියට තොරතුරක් ලැබී ඇත්තේ බස් රථයක් ගිනි ගන්නා බවටයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සහ මඩකලපුව මහ නගර සභාව ගින්න නිවීමට කටයුතු කළා.

නමුත් ඒ වනවිටත් බස් රථය මුළුමනින් ම ගිනිගෙන දැවී අවසන් බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

කාත්තාන්කුඩි පොලිස් ස්ථානයේ අපරාධ නිවාරණ කොට්ඨාසය භාර නිලධාරි ඒ.එම්.එස්.ඒ. රහීම් සඳහන් කර ඇත්තේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවයි.

මෙම බස් රථයෙහි වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවටත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15