spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාත්තන්කුඩියේ බස් රථයක් ගිනි තබා විනාශ කෙරේ

මඩකලපුව – කාත්තන්කුඩි පොලිස් වසමට අයත් ආරයම්බති ප්‍රදේශයේ නවතා තිබූ පෞද්ගලික බස් රථයකට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් ගිනි තබා තිබෙනවා.

මෙම ගිනි තැබීම හේතුවෙන් බස් රථය සම්පූර්ණයෙන් ම ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථය ගිනි ගැනීමට පෙර ආරයම්බති ප්‍රදේශයේ නවතා තබා තිබෙනවා.

එය මඩකලපුව – පොතුවිල් මාර්ගයේ ධාවනයට යොදවා ඇති බස් රථයක් බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රී 07ට බස් රථය ධාවන වාරය අවසන් කර, එහි හිමිකරු සිය ගම් පළාත වන කොක්කටිචෝලෛ වෙත ගොස් තිබෙනවා.

අද අලුයම 03ට පමණ මඩකලපුව පොලිසියට තොරතුරක් ලැබී ඇත්තේ බස් රථයක් ගිනි ගන්නා බවටයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සහ මඩකලපුව මහ නගර සභාව ගින්න නිවීමට කටයුතු කළා.

නමුත් ඒ වනවිටත් බස් රථය මුළුමනින් ම ගිනිගෙන දැවී අවසන් බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

කාත්තාන්කුඩි පොලිස් ස්ථානයේ අපරාධ නිවාරණ කොට්ඨාසය භාර නිලධාරි ඒ.එම්.එස්.ඒ. රහීම් සඳහන් කර ඇත්තේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවයි.

මෙම බස් රථයෙහි වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවටත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?