‘කාට ජනපති සිහිනිය තිබ්බත් සජබෙට විතරයි රට හදන්න පුළුවන්’ (වීඩියෝ)

කවුරුන් ජනාධිපති සිහිනයේ සිටිය ද රට ගොඩනැගීමට හැකියාව ඇත්තේ සමගි ජන බලවේගයට පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ මාතලේ පැවති ජන රැළියක් අමතමින්.

සමගි ජන බලවේගයේ ‘ජන පවුර වැඩසටහන් මාලාවේ’ මාතලේ දිස්ත්‍රික් සමුළුව ඊයේ (31) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.