කාටවත් නපුරු වැඩ නොකර සරල විදිහට ජීවත් වෙන්නයි කැමතියි : නෙත්මි රොශෙල්

මේ දිනවල පුංචි තිරයේ ජන ප්‍රියම තාරකාවක් වෙන නෙත්මි රොශෙල් එක්ක අපි පසු ගිය දිනෙක පුංචි කථා බහක් කලා.

කොවිඩ් කාලෙදි වැඩිපුම කරේ මොනවද ? අපි මුලින්ම රොශෙල්ගෙන් ඇහුවේ එහෙම ,
කොවිඩ් කාලෙදි වැඩිපුරම හිත ගියේ ව්‍යායාම් කරන්නයි, මගේ සුරතල් සතුන් එක්ක කාලය ගත කරන්නයි. මට බල්ලො හත් දෙනයි පූසො හතර දෙනයි ඉන්නවා. එයාලගේ වැඩත් එක්ක ඒ කාලය ගෙවෙනවා තේරුණේ නෑ.

ඉතින් රොශෙල් ජීවිතේ ආයෙ ආයෙත් අහන්න කැමති ගීතය තියනව ද?
කාලෙන් කාලෙට අහන්න ආසා කරන ගීත වෙනස් වෙනවා. මේ දවස්වල මම ප්‍රියත් රාජපක්ෂ ගායනා කරන දවසක් ඒවී ගීතයට වගේම භාෂී ගායනා කරන ‘විරාමයක්’ ගීතයටත් ගොඩක් කැමතියි.

රොශෙල් යාළුවන් මුණගැහුණම වැඩිපුරම කතා කරන්නෙ මොනවා ගැන ද ?

මගේ යාළුවො මුණගැහුණාම අපිට කතා කරන්න එක මාතෘකාවක් නැහැ. සමහර වෙලාවට යාළුවො මාව පැයකට එළියට යමු කියලා ගෙදරින් එක්කගෙන යනවා. හැබැයි ගියාම එන්න හිතෙන්නෙ නැහැ. අපි පැය ගණන් එකදිගට කතා කරනවා. හිනා වෙනවා. අපිට කතා කරන්න මෘතෘකාවක් නැහැ. අපි මළ ගෙදරක මුණගැහුණත් කියවන එක තමයි කරන්නෙ. ඉස්කෝලෙ යාළුවෝ තමයි තවමත් මගේ හොඳම යාළුවන් වෙන්නෙ. මට හොඳම හොඳ යාළුවො තුන් දෙනෙක් ඉන්නවා. තව හොඳම යාළුවො හත් දෙනෙක් ඉන්නවා. ඊට අමතරව මගේ කැම්පස් එකෙත් මට හොඳ යාළුවෝ පිරිසක් ඉන්නවා.

අවස්ථාවක් ලැබුනොත් පුංචි කාලෙට යන්න ඇත්නම් යන්න ආසා කරන්නෙ?

මම තාමත් මගේ මොන්ටිසෝරි වයසේ ඉඳන් පහ වසර පන්තිය දක්වා ඉගෙන ගත්තු කාලයට හරි ආසයි. ඒ කාලේ හරි ෂෝක්. මම ගත කරපු හැම කාලෙදිම මම දිනාගන්න ඕනෙ හැමදේම දිනාගත්තා. ගෙවිච්ච කාලය පුරාවට වෙනස් කරන්න කියලා කාලයක් මට නැහැ. හැබැයි මොන්ටිසෝරි කාලෙදි හැමෝගෙම අවධානය අපිට ලැබුණා. කිසිම වගකීමක් නැහැ. මම කොහොමත් පවුලේ කට්ටියගේ අවධානය වැඩියෙන් ගන්න කැමති කෙනෙක්. මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටයි තේරුණේ. අපේ ආච්චිලාගේ ගෙදර තියෙන්නෙත් ඒ විශ්වවිද්‍යාලය ළඟමයි. ඉතින් මම ආච්චිලාගේ ගෙදර නතරවෙලයි කැම්පස් ගියේ. මම එහේ හිටියේ සති දෙකයි. හැමදාම උදේට තාත්තා මාව බලන්න ආවා. ඔය අතරේ අම්මලා මම නැතිව ෂොපින් ගියා කියලා ආරංචි වුණු හැටියේ මම බඩු ටිකත් ඔක්කොම තියලා රෑ ගෙදර ආවා. මට ගෙදර අයගේ ආදරය, අවධානය හැමවෙලේම ඕන වුණා.

ආසා කරන සෙල්ලම?

ඉස්සර ඉඳන්ම මම බට්ටා පනින සෙල්ලමට හරි ආසයි. සෙල්ලම් කරන කට්ටිය වැඩිනම් අපි එකතුවෙලා ටින් කඩන සෙල්ලම කලා. අදටත් මම නංගිත් එක්ක එකතුවෙලා බට්ටා පනිනවා.

ආසා කරන වාහනය?

මොන වාහනය තිබුණත් මම තාමත් බයික් එකට හරි ආසයි.

ලංකාවේ ආයෙ ආයෙත් යන්න ආසා කරන තැන?

මම නුවරඑළියට යන්න මාරම ආසයි. සීතලට හරි ආසයි. නුවරඑළියට ගිහින් මට ෆොටෝ එකක් ගන්නවත් වෙලාවක් නැහැ. ඒ ලස්සන විඳින්න හරි ආසයි. මම ෆෝන් එක වාහනයේ තියලා ඇවිදින්න යන්න, ඒ පරිසරය විඳින්න හරි ආසයි. පුළුවන් නම් නුවරඑළියේ නතර වෙන්න වුණත් ආසයි.

කෙනෙකුට තෑග්ගක් තෝරද්දි හිත වැඩිපුරම යන්නෙ?

මම එයාගේ පින්තූරයක් දෙන්න ආසයි. කන බොන, අඳින දෙයක් දෙනවාට වඩා ඒ කෙනාගේ ලස්සන පින්තූරයක් තෑගි දෙන්න මම ආසයි. මම හැමවෙලේම මිනිසුන් අතරේ මතක සටහන් ඉතිරි කරන්න හරි ආසයි.

කාගෙන් හරි තෑග්ගක් ලැබෙනවා නම් ආසා කරන්නෙ?

මම සුරතල් සතුන් තෑගි ලැබෙනවා නම් ආසයි. ඒ වගේ තෑගි මට ලැබිලත් තියෙනවා.

අවසානයට අහන්නම් රොශෙල් ජීවත් වෙන්න කැමති ?

මම අඬන්න ආසා නැහැ. මගේ ජීවිතේ මුල්තැන තියෙන්නෙ මගේ පවුලේ අයත් එක්කයි. කාටවත් නපුරු වැඩ නොකර සරල විදිහට ජීවත් වෙන්නයි කැමතියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11