කාටත් රහසේ ජීවන ගීතය ගයා අවසන් කළ ගාමිණී සුසිරිවර්ධන

සිරස සුපර් ස්ටාර් වේදිකාවෙන් රසික හදවත් දිනාගත් ගාමිණී සුසිරිවර්ධන පිළිකා රෝගයට ගොදුරුව ඊයේ ජීවිත ගීතය නිමා කළා.
මේ වියෝව ගැන බොහෝ දෙනෙකු කම්පා වුණා..
සිනහ පිරි මුහුණින් රසික ආදරය දිනාගත් ඔහු ගැන ගායන ශිල්පී දයාන් විතාරණද සිය මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබුණා.

සිරස ‘Super Stars Season 2’ තරඟාවලියේ කැපීපෙනෙන තරඟකරුවෙක් ලෙසින් කාගේත් ජනප්‍රියත්වය දිනාගත් ගාමිණී සුසිරිවර්ධන කලක පටන් පිළිකා රෝගයට ගොදුරුව සිටි ප්‍රතිකාර අතරතුර දී ඊයේ දින සිය ජීවන ගීතය ගයා නිම කොට ඇත.

‘දන්නවද මං දුකින්….රෝන්දෙ යනවද රේන්ද හැට්ටය….රතු මැණිකේ…. යන තමන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණ ජනාදරයට පත් කරගනිමින් තමාගේම ගමන් මගක කාටත් හිතැතිව පියනැගූ සොඳුරු හිතැත්තෙක් වන ඔහු මට මුණගැසී ඇත්තේ එකම එක් වතාවක වන අතර කමල් අද්දරආරච්චි විසින් පැවැත්වු ප්‍රසංගයක් දින එසේ ඔහු ගීතවත් වූ අයුරු ද දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ සමග ගෙන එමි.

සිනමා නළුවෙක් ලෙස ලාල් ප්‍රියදේවගේ ‘මගෝ ඩිගෝ ඩයි’ චිත්‍රපටයේ විජය නන්දසිරි සමග රංගනය කරමින් ද ජනප්‍රිය වූ ඔහු ටෙලිනාට්‍ය කිහිපයක් සඳහා ද රංගනයෙන් දායක වූවේය.

ඔහුගේ නිසල දේහයේ ඡායාරූප ඇතැම් පිරිස් මුහුණුපොතට එක්කොට තිබූ අතර, ගාමිණී කෙතරම් නම් කලක් තම දුක් පීඩා සහ කම්කටොලු අප සැමගෙන් වසන් කරගනිමින් ඒ සියල්ක තනිව විඳ දරා සිටි ආකාරය පැහැදිලි වේ.

එය ඇත්තෙන්ම ඔහු ප්‍රකට කළ සොඳුරු හෘදයාංගම බවයි. ආගන්තුක සත්කාරයට නම් දැරූ චරිතයක් වන ඔහු තමාට ප්‍රවීණ නවීන සැමට මහත් සේ ළෙන්ගතුව ගෞරව කළ චරිතයකි.

කෙසේ නමුදු දැන් ඒ ගුණ සුවඳත්, හදවතට සමීප ගීතාවලියත් පමණක් ශේෂ කොට ගාමිණී දැන් දිගු නින්දකය.

එනිසා ඔහුගේ සසර ගමනේ යළිඳු මෙවන් අකල් මරණයක් මතු කිසිඳු භවයක අත් නොවේවායි පතමි.

හිතාදර ගාමිණී, ඔබට සසර ගමන ඉක්මණින් නිමා කොට උතුම් නිවන් සුවයෙන්ම සැනසෙන්නට පිංපෙත් පමුණුවමි !!!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
සජිත් බන්ධනාගාර සිද්ධිය ගැන ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - සැලසුම්ගතව කරන කඩාකප්පල්කාරි වැඩක්
02:53
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ ආරක්ෂාව තර කරයි - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
බන්ධනාගාර නොසන්සුන්තාව ගැන ආනන්දගෙන් විශේෂ ප්‍රකාශයක් - ආහාරවලට එළියට දැම්මට පස්සේ ඇතුළට ගිහින් නෑ
04:43
Video thumbnail
අධිකරණ ඇමති ඇවිත් කළබලය ගැන ප්‍රකාශයක් කරන්න - සජිත් බන්ධනාගාරය ගැන කට අරියි
01:20
Video thumbnail
වහලයට නැගපු රැඳවියෝ එකම හඬින් කෑගහලා ඉල්ලන දේ...
00:58
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් වහලය මතට නගී - උඩ ඉදන් රැඳවියෝ කෑගහයි
02:07
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් වහලය මතට නගී...
00:14
Video thumbnail
නොසන්සුන්වූ කුරුවිට බන්ධනාගාරයේ ඇතුළත දර්ශන - රැඳවියෝ ඇතුළේ ඉදන් අත් වනන හැටි
02:46
Video thumbnail
🔴Breaking News
02:35