ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් නවතා දැමීම සම්බන්ධයෙන් මහ බැංකුවෙන් පිළිතුරු

අන්තර්ජාලය ඔස්සේ ණය කාඩ්පත් හරහා සිදුකරන විදෙස්ගත ගෙවීම් නවතා දැමීමට ඇතැම් වාණිජ බැංකු විසින් මේ වන විට කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ ක්‍රෙඩිට් කාඩ්පත් මගින් භාණ්ඩ ඇණවුම් සඳහා සිදුකරන ගෙවීම් මෙලෙස නවතා ඇති බවටයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් මහබැංකුව වෙත ද තොරතුරු වාර්තා වී ඇති බැවින් ඒ ඔස්සේ සොයා බැලීමක් සිදුකිරීමට ද මේ වනවිට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත්, ණය කාඩ්පත් හරහා අන්තර්ජාල ගෙවීම් සිදුකිරීමේ දී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් මහබැංකුව විසින් ඊයේ (19) සූම් තාක්ෂණය ඔස්සේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් විසින් ඒ පිළිබද ව විමසා සිටියා.

ඊට මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී.එම්.ජේ.වයි.ජී. ප්‍රනාන්දු සඳහන් කළේ වාණිජ මට්ටමින් ණය කාඩ්පත් හරහා සිදුකරන ගෙවීම් පමණක් නවතා දමා ඇති බවයි.

මේ අතර, රටේ පවතින ඩොලර් හිඟයට පිළියම් සෙවීමේ අරමුණෙන් රජය පොලී අනුපාත ඉහළ දැමීමට පියවර ගෙන ඇතැ යි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඩොලර් හිඟයට ඒ හරහා විසදුම් ලබා ගැනීමට නො හැකි බවයි ඔහු කියා සිටියේ.එසේම උද්ධමනය ඉහළ යෑම නිසා භාණ්ඩ හා සේවා රැසක මිල ගණන් ද ඉහළ ගොස් ඇති බවත් තවදුරටත් එලෙස ඉහළ යනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36