ක්‍රිකට් අර්බුදය අවසන් සියලු ක්‍රීඩකයින් ගිවිසුම් ගතවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ක්‍රීඩක ගිවිසුම සම්බන්ධයෙන් තිබුණු අර්බුදය නිමා වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

මීට හේතු වී ඇත්තේ එංගලන්ත සංචාරය නිම කර පැමිණි සියලු ක්‍රීඩකයින් ඉදිරි වසර සඳහා වන සිය ක්‍රීඩක ගිවිසුමට අත්සන් තැබීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ සවස දිවයිනට පැමිණි ක්‍රීඩකයින් හට ගිවිසුමට අත්සන් තැබීම සඳහා අද උදෑසන 8 දක්වා කාලය ලබාදී තිබුණා.

කෙසේ වෙතත් මෙලෙස පැමිණි සියලු ක්‍රීඩකයින් ලබා දී තිබූ කාලය ඉකුත් වේමට පෙර ඉදිරි වසර සඳහා වන ක්‍රීඩක ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ඔවුන් වර්ග කිරීමේදී අනුගමනය කළ ක්‍රමවේදය සම්බන්ධයෙන් නිසි පාරදෘශ්‍ය භාවයක් නොතිබූ බව පවසමින් ගිවිසුමට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර තිබුණා.කෙසේ වෙතත් මේ සඳහා අවසන් කාලවේලාවක් සටහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබුණේ ගිවිසුමට අත්සන් නොතබන ක්‍රීඩකයින් එළඹැඹෙන ඉන්දීය සංචාරය සඳහා තෝරා ගැනීමට සලකා නොබැලෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27