ක්ලබ් වසන්ත මැරුවේ KPI දැයි පොලිසියට සැකයක්

Update:- ‘ක්ලබ් වසන්ත’ නමැත්තාගේ ඝාතනය මෙරට ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සැලැස්මක් විය හැකි බවට පොලිසිය සැක පළ කරනවා.

මේ වනවිට (08) පොලිස් විමර්ශනවලින් සොයාගෙන ඇති තොරතුරු අනුව වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී ටී56 ගිනි අවියේ උණ්ඩයක් වැටී ඇති අතර; එහි සඳහන් කර ඇත්තේ ‘KPI’ යනුවෙන්.

එම කෙටි යෙදුමෙන් බොහෝ විට ඉස්මතු වන්නේ; ‘ කංජි පානි ඉම්රාන්’ විය හැකි බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

ඒ පිළිබඳ ව වැඩිදුර විමර්ශන සිදු කිරීමට අපරාධ ස්ථානයේ වැටී තිබූ උණ්ඩය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අතුරුගිරිය නගරයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තෙකු වශයෙන් එක් ව සිටි ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත නමැත්තා ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම අද උදෑසන දී සිදු වූ අතර; එහිදී ක්ලබ් වසන්ත, නයන වාසල නමැත්තෙක් ජීවිතක්ෂයට පත් වුණා.

ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා, මියගිය වසන්තගේ බිරිඳ සහ ටැටූ ආයතන හිමිකරුගේ බිරිඳ ඇතුළු සය දෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32