ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් අටකට ඇප

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන්ගෙන් අටදෙනෙකුට ඇප ලබා දී තිබෙනවා.

එම සැකකරුවන් අටදෙනාගෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ ශරීර ඇප දෙකක් මෙන්ම දැඩි කොන්දේසි මත නිදහස් කිරීමටයි හෝමාගම මාහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා අද (10) දින නියෝග කළේ.

එමෙන්ම මෙම සැකරුවන් අටදෙනාගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කළ අතර, ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.

ඊට අමතරව සෑම ඉරිදා දිනකම අතුරුගිරිය පොලිසිය හමුවේ පෙනී සිට අත්සන් කළ යුතු බවට ද විනිසුරුවරයා මෙහිදී සැකකරුවන්ට දැනුම් දුන්නා.

පසුගිය ජූලි මස 08 වන දින අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක සිදුකළ වෙඩි තැබීමක දී මියගිය විජේසූරිය ආරච්චිගේ නයන වාසුල විජේරත්න සහ රාජපක්ෂ අප්පුහාමිලාගේ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත යන අය වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂණ භාරයට පත්කර තිබුණා.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ ශක්ති ජාගොඩආරච්චි අධිකරණයට දන්වා සිටියේ මෙම ඇතැම් සැකකරුවන් මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම් කිරීමට ද අපේක්ෂා කරන බවයි.

12 වන සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ද, 03,04,05,06,07 සැකකරුවන් වෙනුවෙන් නීතීඥ විශ්ව විදානගමගේ සමඟ නීතීඥ නුවන් ජයවර්ධන පෙනී සිට මහාධිකරණයෙන් මෙම ඇප ඉල්ලීම සිදුකර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12