ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් අටකට ඇප

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන්ගෙන් අටදෙනෙකුට ඇප ලබා දී තිබෙනවා.

එම සැකකරුවන් අටදෙනාගෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ ශරීර ඇප දෙකක් මෙන්ම දැඩි කොන්දේසි මත නිදහස් කිරීමටයි හෝමාගම මාහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා අද (10) දින නියෝග කළේ.

එමෙන්ම මෙම සැකරුවන් අටදෙනාගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කළ අතර, ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.

ඊට අමතරව සෑම ඉරිදා දිනකම අතුරුගිරිය පොලිසිය හමුවේ පෙනී සිට අත්සන් කළ යුතු බවට ද විනිසුරුවරයා මෙහිදී සැකකරුවන්ට දැනුම් දුන්නා.

පසුගිය ජූලි මස 08 වන දින අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක සිදුකළ වෙඩි තැබීමක දී මියගිය විජේසූරිය ආරච්චිගේ නයන වාසුල විජේරත්න සහ රාජපක්ෂ අප්පුහාමිලාගේ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත යන අය වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂණ භාරයට පත්කර තිබුණා.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ ශක්ති ජාගොඩආරච්චි අධිකරණයට දන්වා සිටියේ මෙම ඇතැම් සැකකරුවන් මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම් කිරීමට ද අපේක්ෂා කරන බවයි.

12 වන සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ද, 03,04,05,06,07 සැකකරුවන් වෙනුවෙන් නීතීඥ විශ්ව විදානගමගේ සමඟ නීතීඥ නුවන් ජයවර්ධන පෙනී සිට මහාධිකරණයෙන් මෙම ඇප ඉල්ලීම සිදුකර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40