ක්ලබ් වසන්ත ඝාතනයට තවත් දෙදෙනකු අල්ලයි

අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී වෙඩි තබා ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් ප්‍රවාහනය කළ වෑන් රථයේ සහ බස් රථයේ රියදුරන් ලෙස කටයුතු කළ පුද්ගලයන් දෙදෙනා ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරුවන් දෙදෙනා ඩුබා හි රටේ සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ලන්තුවා හන්දි සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී නමැත්තාගේ දැනුම්දීම මත අතුරුගිරියේ ඝාතනය සිදු කිරීමෙන් පසු වෙඩික්කරුවන් දෙදෙනාව සිය මෝටර් රථයෙන් කොරතොට ප්‍රදේශයට පැමිණෙන තෙක් වෑන් රථයේ ගෙනැවිත්; එතැන් සිට සැකකරුවන් දෙදෙනාව බුලත්සිංහල ප්‍රදේශයට වෑන් රථයෙන් රැගෙන යාම සිදුකළ එහි රියදුරු මෙම සැකකරුවන් අතරට අයත්.

ඊට අමතරව බුලත්සිංහල ප්‍රදේශයේ සිට අදාළ වෙඩික්කරුවන් දෙදෙනා බස් රථයකින් අධිවේගී මාර්ගය ඔස්සේ දික්වැල්ල ප්‍රදේශයට රැගෙන ගොස් එම ප්‍රදේශයෙන් බස්සවා අදාළ බස් රථය සෙල්ලකතරගම ප්‍රදේශයට රැගෙන ගොස් අතහැර දමා සැඟ ව සිටි බස් රථයේ රියැදුරුවරයා ද මෙලෙස අත්අඩංගුවට ගැනුණු බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බස් රථයෙහි රියදුරු වන්නේ අහුංගල්ල – වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 36 හැවිරිදි පුද්ගලයකු වන අතර එම සැකකරු ලොකු පැටී නමැති අපරාධකරුගේ ඥාති කාන්තාවක සමග විවාහ වී සිටින අයෙකු බව ද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

මෝටර් රථය පැදවූ රියදුරු ලෙස කටයුතු කළ අනෙක් සැකකරු වන්නේ වැලිපැන්න – මීගම, මරින්දගොඩ 04 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 26 හැවිරිදි මත්ස්‍ය වෙළෙඳාමේ නියැලෙන අයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපනගේ සහ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජයමහගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් පරීක්ෂක වීරසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලිසිය වෙත භාර දී තිබෙනවා.

මීට අමතර ව මෙම සිද්ධියට මීට පෙර අත් අඩංගුවට ගත් ටැටූ දුලාන් ඇතුළු 07 දෙනා ද එළඹෙන අගෝස්තු මස 05 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46