ක්ලබ් වසන්ත ඝාතනයට ආ මොටෝරිය පොලිස් භාරයට

Update :- දෙදෙනකුට මරු කැඳවමින් අතුරුගිරිය ප්‍රදේශයේ අද (08) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට තුවක්කුකරුවන් පැමිණි මෝටර් රථය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සුදු පැහැති මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත්තේ කරතොට – කඩුවෙල ප්‍රදේශයේ දී බවයි වාර්තා වන්නේ.

මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ‘ක්ලබ් වසන්ත’ නොහොත් සුරේන්ද්‍ර වසන්ත සිය නව ව්‍යාපාරික ආයතනයක් අද පෙරවරුවේ දී විවෘත කිරීමට එම ස්ථානයට ගොස් සිටි අතර; ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා ද එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක් ව සිටියා.

එම අවස්ථාවේ දීයි නන්නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු සුදු පැහැති මෝටර් රථයකින් පැමිණ ක්ලබ් වසන්ත ඇතුළු එම ස්ථානයේ ඔහු සමග රැඳී සිටි පිරිසට වෙඩි තබා ඇත්තේ.

එහිදී ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් වූ අතර; බරපතළ තුවාල ලැබූ තවත් අයෙක් හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගියා.

උත්සව අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තියක් ලෙස එක් වූ ගායන ශිල්පිනී කේ.සුජීවාගේ ඉනෙන් පහළ කොටස ද වෙඩි වැදී ඇති අතර ඇය ද බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගත කර ප්‍රතිකාර ලබන බවත් වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක අතර වෙඩි තැබූ ස්ථානය අවට ආරක්ෂාව තර කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21