ක්ලබ් වසන්තගේ සිරුරට උණ්ඩ 9ක් බැහැලා – ඔළුවට ම 03ක් (වීඩියෝ)

අතුරුගිරියේ දී සිදු වූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්තගේ සිරුර, ඊයේ (09) පස්වරුවේ ඥාතීන් වෙත භාර දෙනු ලැබුවා.

මේ අතර, මියගිය අනෙක් පුද්ගලයා වන නයන වාසල විජේසූරිය නම්, 38 හැවිරිදි පුද්ගලයාගේ සිරුර, කේ.සුජීවා මහත්මියගේ දරුවන් භාරගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රූපලාවන්‍ය ආයතනයේ හිමිකරු ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම් හමුවේ කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව, පොලිසිය පැවසුවා.

ඔරුවල මංන්සන්ධියේ පිහිටි ගොඩනැගිල්ලක ටැටූ හලක් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වී සිටි, ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත නොහොත්, ක්ලබ් වසන්ත ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වුණේ පසුගිය සඳුදායි.

ඔහුගේ සිරුරට උණ්ඩ 09ක් එල්ල කර ඇති අතර; ඉන් 03ක් ම හිසට එල්ල වී ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි ව තිබෙනවා.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ රූපලාවන්‍ය ආයතනයේ හිමිකරු වන දුලාන් සංජුල නමැත්තා ද එහි රැඳි සිටි අතර ඔහුට කිසිදු අනතුරක් සිදු ව තිබුණේ නැහැ.

සැකකරුවන් පැමිණෙන අවස්ථාවේ ආයතනයේ දොරටුව අසල දුරතකනයක් අතැතිව රැඳී සිටි පුද්ගලයා සම්බන්ධයෙන් ද විමර්ශන කණ්ඩායම්වල අවධානය යොමුව තිබෙනවා.

වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් නැවතත් එම මෝටර් රථයෙන් පැමිණි දෙසටම පලා යනවා.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ක්ලබ් වසන්ත හෝමාගම රෝහලේ දී ජීවිතක්ෂයට පත්වුණා.

සිද්ධියෙන් තුවාල ලැබූ නයන වාසල විජේසූරිය නම් 38 හැවිරිදි අයෙකු ද, හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී, ජීවිතක්ෂයට පත් වුණා.

ඔහු වසර 18 ක පමණ කාලයක් මහණ වී සිටි පුද්ගලයෙකු වන අතර මීට වසර 3කට පමණ පෙර ගිහි ජීවිතයට පිවිස තිබෙනවා.

ඔහු ගායන ශිල්පී කේ. සුජීවා සමග සමීප ඇසුරක් පැවැත්වූ අයෙක්.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගායන ශිල්පිනී කේ. සුජීවා ද බරපතළ තුවාල ලැබූ අතර ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර, ඝාතකයින් පැමිණි මෝටර් රථය සහ පලා යාමට යොදාගත් වෑන් රථය ද පොලිසිය එදිනම සොයා ගත්තා.

වෑන් රථය දෙල්මැල්ල ප්‍රදේශයේ නවතා දම් පැහැති ප්‍රියස් වර්ගයේ මෝටර් රථයකින් ඔවුන් එම ප්‍රදේශයෙන් ද පලාගොස් ඇතැයි විමර්ශනයේ දී අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනවලට අදාළව ටැටූ හලේ හිමිකරු ඇතුළු 7 දෙනෙක් මේ වනවිට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දුලාන් සංජුල නමැති ඔහු මීට පෙර බලපිටිය ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක සේවය කර ඇති අතර ජීවිතක්ෂයට පත් ක්ලබ් වසන්ත සමග කලක පටන් දුරකථනය ඔස්සේ සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් ප්‍රථම වරට මුණගැසී ඇත්තේ අදාළ වෙඩි තැබීම සිදු වූ දිනයේදීයි.

ඔහුට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ලොකු පැටී සමග සමීප සම්බන්ධතාවක් තිබී ඇති අතර ටැටූ හල ආරම්භ කරන ලෙස දුලාන් සංජුල පොළඹවා ඇත්තේ ද ඔහු විසින් බවට ප්‍රශ්න
කිරීම්වලින් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ඔහු ලොකු පැටීගේ මුදලින් නව ව්‍යාපාරය ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ලොකු පැටීගේ අනුදැනුම මත අදාළ ව්‍යාපාරය ආරම්භ කළ ද මෙවන් ඝාතන සැලසුමක් ඒ තුළ ක්‍රියාත්මක වූ බව ඔහු නොදැන සිටි බවයි.

එමෙන්ම ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට පැමිණිය යුතු ආරාධිතයින්ගේ නම් ලැයිස්තුව ද ලොකු පැටී විසින් තමන්ට ලබා දුන් බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, ඔහුගේ ගිණුමට ඩුබායි රාජයේ සිට රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් අදාළ ඝාතනය වූ දින පස්වරුවේ බැර වී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

සැකකරු පවසන්නේ අදාළ මුදල සිය ආයතනයේ කටයුතු වෙනුවෙන් ලබා දුන් ඒවා බවයි.

ලොකු පැටී මෙම ඝාතනය ක්‍රියාත්මක කර ඇත්තේ දැනට ප්‍රංශයේ සැඟව සිටින අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීම මත බවට දැනට සිදුකළ විමර්ශනවලින් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මේ අතර වෙඩි තැබීම සිදු වු ස්ථානයේ වැටී තිබූ හිස් පතරොම් කොපුවල KPI ලෙස තබා තිබූ සටහන කංජිපානි ඉම්රාන් යන්න අර්ථ ගැන්වෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වෙඩි තැබීමට යොදාගත් කාර් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට අතුරුගිරියට රැගෙන ආ සැකකරුවන් දෙදෙනෙක්, එම කාර් රථය අපරාධය සිදු කිරිමට පෙර නිවස පිහිටි ඉඩමේ තබාගෙන සිටි සැකකරුවෙකු සහ අපරාධයෙන් පසු පැනයාමට යොදාගත් වෑන් රථය තබාගෙන සිටි සැකකරු ද වන බව පොලිසිය පැවසුවා.

ජිවිතක්ෂයට පත් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ හෝමාගම මූලික රෝහලේ දී සිදු කෙරුණා.

ක්ලබ් වසන්තගේ ශරිරයට උණ්ඩ 9 ක් වැදී ඇති අතර ඉන් උණ්ඩ තුනක් හිසට එල්ල වි ඇතැයි එහිදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්තගේ සහ නයන වාසල විජේසූරිය නම් 38 හැවිරිදි පුද්ගලයාගේ සිරුරු ඊයේ පස්වරුවේ ඥාතින් වෙත භාර දුන්නා.

නායන වාසල නැමැත්තාගේ සිරුර කේ සුජීවාගේ දරුවන් විසින් භාරගෙන තිබෙනවා.

ක්ලබ් වසන්තගේ සිරුර මේ වන විට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20