ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු අද – මල්ශාලාවට තවත් තර්ජනාත්මක ඇමතුමක් (වීඩියෝ)

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී වෙඩි තබා ඝාතනය කළ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය මේ වනවිට කොළඹ, බොරැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික මල්ශාලාවක තැන්පත්කර තිබෙනවා.

ක්ලබ් වසන්තගේ දේහය තැන්පත්කර ඇති එම පෞද්ගලික මල්ශාලාවට දෙවැනි තර්ජන්ත්මක දුරකථන ඇමතුමත් ලැබී ඇති බව මේ වනවිට තොරතුරු වාර්තා වනවා.

එම ඇමතුමෙන් යළිත් වරක් පවසා ඇත්තේ වසන්තගේ දේහය මහජන ප්‍රදර්ශනය සඳහා මල්ශාලාව තුළ තබා නොගන්නා ලෙසයි.

කංජිපානි ඉම්රාන් ලබාදුන් දැනුම්දීම වසන්තගේ පවුලේ ඥාතීන්ට දැනුම් දුන්නේ ද යන්න බව එම දුරකථන ඇමතුමෙන් පවසා ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර පසුගිය 10 වන දින එම මල්ශාලාවට තර්ජනාත්මක පළමු ඇමතුම ලබාදෙමින් පවසා ඇත්තේ වසන්තගේ දේහය එහි තබා නොගන්නා ලෙසයි.

එම ඇමතුම විදෙස් රටක සිට ලබා දී ඇති බවට පොලිසිය මේ වනවිට අනාවරණය කර ගෙන තිබෙනවා.

මෙම ඇමතුමත් සමඟ එම මල්ශාලාව පිහිටි ප්‍රදේශය අවට ආරක්ෂාව තරකර තිබූ ආකාරය දැකගත හැකි වුණා.

මේ අතර ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (13) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය 08 වනදා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඔහුගේ බිරිඳ සහ ජනප්‍රිය ගායිකා කේ.සුජීවා ඇතුළු පිරිසක් අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට උත්සවයට සහභාගී වී සිටි අවස්ථාවේ දී නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු T56 ගිනි අවි දෙකකින් වෙඩි තබා පළාගොස් තිබුණා.

මෙම වෙඩි තැබීමෙන් වසන්ත ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙක් තුවාල ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21