ක්‍රීඩා උපකරණ බෙදීම වෙනුවට ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ගෙන ඒමට කටයුතු කරන්න

විසිරුණු සහ හුදකලා වූ ක්‍රීඩා උපකරණ බෙදීම් වැනි වැඩසටහන් වෙනුවට, ක්‍රීඩාව දියුණු කිරීමට දායක වන ක්‍රීඩා සංගම් සමඟ ඒකාබද්ධව, ජාතික මට්ටමින් ජාත්‍යන්තර මට්ටමට ක්‍රීඩාව ඔසවා තැබීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ජනාධිපති කාර්යාලයේ දී අද (16) පෙරවරුවේ පැවති තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී බවයි.

මෙහිදී, ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ජාතික යොවුන් සේනාංකයේ ආයතනික වශයෙන් ප්‍රගතිය සමාලෝචනය කෙරුණු අතර, එම ආයතන මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබෙන ව්‍යාපෘති සහ රටේ තරුණ-තරුණියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගෙන තිබෙන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණා.

එමෙන්ම, ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී ඉතා සමීපව කරුණු විමසා බැලූ ජනාධිපතිවරයා, ක්‍රීඩා සංවර්ධනය තුළින් සමාජීය ප්‍රතිලාභ මෙන්ම ලෝකයේ දියුණු රටවල මෙන් ආර්ථික ප්‍රතිලාභ ද අත්කර ගත හැකි බව පෙන්වා දුන්නා.

ජාතික තරුණ සේවා සභාව විසින් ක්‍රියාත්මක කෙරෙන “YOUTH CLUB” වැඩසටහන පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ අතර, පාසල් අධ්‍යාපනය නිම කරන තරුණ-තරුණින් පදනම් කරගත් නවීන සහ ශක්තිමත් වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමට අවධානය යොමු කරන ලෙස ද උපදෙස් ලබා දුන්නා.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් දැනට ක්‍රියාත්මක කරන වැඩසටහන් කාර්යක්ෂමව සහ ඵලදායීව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, 2025 වර්ෂයට ඒ ඒ ආයතන වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන වර්ෂ අවසාන වන විට නිසි පරිදි යොදවා අපේක්ෂිත භෞතික සහ මූල්‍ය ඉලක්ක ළඟා කර ගැනීමට සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බව ද අවධාරණය කළා.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න යන මහත්වරු සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33