ක්‍රීඩා උත්සවයට ගිය ළමා නිවාසයේ දැරිය අතුරුදන්

ළමා නිවාසයක රඳවා සිටි වයස අවුරුදු 16ක දැරියක් අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

ඒ කුලියාපිටිය පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුවයි.

ළමා නිවාසවල දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවති ක්‍රීඩා උත්සවයකට සහභාගී වීම සඳහා ගොස් සිටියදී මෙම දැරිය අතුරුදහන්වී ඇති බව හලාවත කටුපොත ප්‍රදේශයේ ළමා නිවාසයක පාලිකාව විසින් කුලියාපිටිය පොලිසියට පැමිණිළි කර තිබෙනවා.

ඇය මහව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මෙම ළමා නිවාසයේ රඳවා තිබී ඇතැයි සඳහන්.

වයඹ පළාතේ පවත්වා ගෙන යන ළමා නිවාසවල සිටින දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා උත්සවයක් ඊයේ (02) කුලියාපිටිය ශිල්ප ශාලිකා ක්‍රීඩාංගනයේදී පවත්වා තිබෙනවා.

එම ක්‍රීඩා උත්සවය සඳහා කටුපත ප්‍රදේශයේ ළමා නිවාසයක දරු දැරියන් ද සහභාගී වී තිබුණා.

ක්‍රීඩා උත්සවය අවසන් වී බලන විට මෙම දැරිය අතුරුදහන්වී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් අදාළ ළමා නිවාසයේ පාලිකාව පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර දැරිය සොයා ගැනීම සඳහා කුලියාපිටිය පොලිසිය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39