spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රීඩා උත්සවයට ගිය ළමා නිවාසයේ දැරිය අතුරුදන්

ළමා නිවාසයක රඳවා සිටි වයස අවුරුදු 16ක දැරියක් අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

ඒ කුලියාපිටිය පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුවයි.

ළමා නිවාසවල දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවති ක්‍රීඩා උත්සවයකට සහභාගී වීම සඳහා ගොස් සිටියදී මෙම දැරිය අතුරුදහන්වී ඇති බව හලාවත කටුපොත ප්‍රදේශයේ ළමා නිවාසයක පාලිකාව විසින් කුලියාපිටිය පොලිසියට පැමිණිළි කර තිබෙනවා.

ඇය මහව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මෙම ළමා නිවාසයේ රඳවා තිබී ඇතැයි සඳහන්.

වයඹ පළාතේ පවත්වා ගෙන යන ළමා නිවාසවල සිටින දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා උත්සවයක් ඊයේ (02) කුලියාපිටිය ශිල්ප ශාලිකා ක්‍රීඩාංගනයේදී පවත්වා තිබෙනවා.

එම ක්‍රීඩා උත්සවය සඳහා කටුපත ප්‍රදේශයේ ළමා නිවාසයක දරු දැරියන් ද සහභාගී වී තිබුණා.

ක්‍රීඩා උත්සවය අවසන් වී බලන විට මෙම දැරිය අතුරුදහන්වී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් අදාළ ළමා නිවාසයේ පාලිකාව පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර දැරිය සොයා ගැනීම සඳහා කුලියාපිටිය පොලිසිය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?