ක්‍රීඩා ඇමතිගේ චෝදනාවලට ක්‍රිකට් තේරීම් කමිටුවෙන් උත්තර

නොවැම්බර් මස 03 වැනි දින ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට පිළිතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නිකුත් කර තිබෙනවා.

එහි සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ පවසා සිටින්නේ; ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින ලෝක කුසලානයේ තරග පරාජයට පත්වීම තේරීම් කමිටුව හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරගත යුතුයි’ යන මැයෙන් මාධ්‍යයට නිකුත් කර ඇති ඒකපාර්ශ්වික චෝදනාවට අදාළ ව ක්‍රිකට් තේරීම් කමිටුව වශයෙන් ඊට පිළිතුරු සැපයිය යුතු බවයි.

එනම්; වර්ෂ 1974 සැප්තැම්බර් මස 20 වැනි දින අංක 130 දරන ගැසට් නිවේදනය මගින් හා 1986 ජනවාරි මස 20 වැනි දින නිකුත් කරන ලද අංක 385/7ඒ ගැසට් නිවේදනය මත පැවරී ඇති බලතල මත පත්කොට ඇති නිල සාමාජිකත්වයක් දරන කමිටුවක් බවයි තේරීම් කමිටුව නිවේදනය කර ඇත්තේ.

එවන් සාමාජිකත්වයක නිල ක්‍රියා පිළිවෙත පිළිබඳ ව අප්‍රසාදයක් හෝ විවේචනයක් වේ’ නම්; එය යොමු කළ යුත්තේ නෛතික හා වෘත්තීමය ක්‍රමවේදයන් යටතේ බවට ක්‍රීඩා අමාත්‍යවරයා නොදැන සිටීම සිය කමිටුවේ පුදුමයට කරුණක් බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසනවා.

එකී සියලු ශීලාචාර ක්‍රමවේදයන් පවතිද්දී මාධ්‍ය හමුවේ තේරීම් කමිටුවට එරෙහිව ඒකපාර්ශ්වික චෝදනාවක් එල්ල කර, ඒ මත මහජන මතයක් ගොඩනැගීමට කටයුතු කිරීම ගැන දැඩි කනස්සල්ලක් පවතින බව එම නිවේදනයේ සඳහන්.

මෙම චෝදනාව හුදු තවත් ජනප්‍රිය දේශපාලනික හැසිරීමක් මිස කිසිසේත්ම වෘත්තීයභාවයකින් යුතුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුතුව එල්ල කරන ලද චෝදනාවක් නොවන බවට තම කමිටුව විශ්වාස කරන බව ද ශ්‍රී ලංකා තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කළ ලිපියෙහි සඳහන්.

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් අමාත්‍ය රොෂාන් රණසිංහගේ අණ ප්‍රකාර ව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයෙහි ක්‍රිකට් තේරීම් කමිටුවට අදාළ ව සඳහන් කර ඇති කරුණු අසත්‍ය හා අර්ධ සත්‍යයන් මත ගොඩනැගූ අවිද්‍යාත්මක තර්කනයන් සහිත අභූත චෝදනාවන්ගෙන් සමන්විත බව ද එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වනවා.

WhatsApp Image 2023 11 06 at 20.25.00 2
WhatsApp Image 2023 11 06 at 20.25.00 1
WhatsApp Image 2023 11 06 at 20.25.01


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16