ක්‍රිස් සිල්වර්වුඩ් පුහුණුකාරීත්වයට තිත තබයි (නිවේදනය)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය දැරූ ක්‍රිස් සිල්වර්වුඩ් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

තමන් ධුරයෙන් ඉල්ලා අස්වෙන බවට දන්වමින් ඊට අදාළ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

2022 අප්‍රේල් මාසයේ දී සිල්වර්වුඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් තේරී පත් වුණා.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන සිල්වර්වුඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසර දෙක තුළ පසුකළ එක්දින, පන්දුවාර 20 සහ ටෙස්ට් යන තුන් ආකාරයේ ම තරග රටාවලින් විශිෂ්ට ලෙස ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වීම කාගෙත් කතාබහක් මතු කළ කාරණයක් වුණා.

කෙසේවෙතත් පසුගිය දිනක දී ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ මූලික වටයේ තරගයෙන් ම් ඉවත් වන්නට සිදු වීමත් ඒ වනවිට සිල්වර්වුඩ්ගේ කොන්ත්‍රාත් කාලය ද අවසන් වෙමින් පැවතීම ද ක්‍රිස් සිල්වර්වුඩ් පිළිබඳ යළි යළිත් ප්‍රේක්ෂකයින් අතර මෙන් ම විචාරකයින් අතර ද නිරන්තරයෙන් රැව් පිළිරැව් දෙන නාමයක් බවට පත් වුණා.

මෙම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සිල්වර්වුඩ් සඳහන් කර ඇත්තේ සිය පෞද්ගලික කාරණයක් හේතුවෙන් තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

සිල්වර්වුඩ් සිය ඉල්ලා අස්වීමේ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ; තමන්ගේ ධුර කාලය පුරාවට ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පුහුණුකරුවන්, කළමනාකාරීත්වය සහ ක්‍රීඩකයින් විසින් ලබාදෙනු ලැබූ සහයෝගය ඉතාමත් විශිෂ්ට බවත්; ඊට සිය ස්තුතිය පුද කර සිටින බවයි.

ක්‍රිස් සිල්වර්වුඩ්ගේ ප්‍රධාන පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2022 වර්ෂයේ ආසියානු කුසලානයේ (පන්දුවාර 20) ශූරතාව, ආසියානු කුසලානයේ (එක්දින) අනුශූරතාව, සිය මව්බිමේ දී සංචාරක ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලැබීම සහ බංග්ලාදේශයට එරෙහිව ලැබූ ටෙස්ට් තරගාවලි ජය ද මේ අතර කැපී පෙනෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක තනතුරින් මහේල ජයවර්ධන ද ඊයේ (26) ඉල්ලා අස්වීමට කටයුතු කර තිබුණා.

WhatsApp Image 2024 06 27 at 10.17.59
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59