ක්‍රිස්ටලිනා ජෝර්ජිවා යළිත් IMF කළමනාකාර අධ්‍යක්ෂ තනතුරට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව ලෙස සේවය කිරීම සඳහා දෙවන වරටත් ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පත්කර ගැනීමට එහි විධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේ පළමුවනදා සිට අවුරුදු 05ක ධුර කාලය සඳහා මෙලෙස තෝරා පත්කර ඇති බවයි වාර්තා වුණේ.

බල්ගේරියානු ජාතික ක්‍රිස්ටලිනා ජෝර්ජිවා 2019 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරනවා.

අයි.එම්.එෆ් හි මෙහෙයුම් කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා සහ විධායක මණ්ඩලයේ සභාපතිවරයා ද වන ඇය මේ වන අවිට 70 වන වියේ පසුවනවා.

මීට පෙර ඇය 2017 ජනවාරි මස සිට ලෝක බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරනු ලැබුවා.

“අපගේ සාමාජිකයන් 190ක් නියෝජනය කරන අරමුදලේ විධායක මණ්ඩලයේ විශ්වාසය සහ සහයෝගය පිළිබඳ මම බෙහෙවින් කෘතඥ වෙනවා, දෙවැනි පස් අවුරුදු ධුර කාලය සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස මෙහෙයවීමට ලැබීම ගෞරවයක්” යනුවෙන් ඇය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21