spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිස්ටලිනා ජෝර්ජිවා යළිත් IMF කළමනාකාර අධ්‍යක්ෂ තනතුරට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව ලෙස සේවය කිරීම සඳහා දෙවන වරටත් ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පත්කර ගැනීමට එහි විධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේ පළමුවනදා සිට අවුරුදු 05ක ධුර කාලය සඳහා මෙලෙස තෝරා පත්කර ඇති බවයි වාර්තා වුණේ.

බල්ගේරියානු ජාතික ක්‍රිස්ටලිනා ජෝර්ජිවා 2019 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරනවා.

අයි.එම්.එෆ් හි මෙහෙයුම් කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා සහ විධායක මණ්ඩලයේ සභාපතිවරයා ද වන ඇය මේ වන අවිට 70 වන වියේ පසුවනවා.

මීට පෙර ඇය 2017 ජනවාරි මස සිට ලෝක බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරනු ලැබුවා.

“අපගේ සාමාජිකයන් 190ක් නියෝජනය කරන අරමුදලේ විධායක මණ්ඩලයේ විශ්වාසය සහ සහයෝගය පිළිබඳ මම බෙහෙවින් කෘතඥ වෙනවා, දෙවැනි පස් අවුරුදු ධුර කාලය සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස මෙහෙයවීමට ලැබීම ගෞරවයක්” යනුවෙන් ඇය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?