අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට ගිය දෙයක් වහාම අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමයේ සභාපති චන්දන ලාල් මහතා විසින් මේ බව ප්‍රකාශ කර සිටී.

අදාළ වැඩ වර්ජනයට තවත් වෘත්තිය සමිති කිහිපයක් එක් වීමට නියමිත වූ බවයි වාර්තා වුණේ.

ඒ අනුව, දුම්රිය රියදුරු සංගමය, දුම්රිය නියාමක සංගමය සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය මෙම වැඩ වර්ජනයට එක්වීමට තිබුණා.

මුදල් නෝට්ටු සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස දපොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව රටේ ජනතාවට දැනුම්දී දෙයි.