ක්‍රිකට් සඳහා ත්‍රිපුද්ගල කමිටුවක්

ක්‍රිකට් සඳහා ත්‍රිපුද්ගල ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුවක් පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය, ස්වාධීනත්වය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සහ ජාතික ක්‍රිකට් කවුන්සිල නිරීක්ෂණය කිරීම, සන්නිවේදනය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම සඳහායි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් මෙම කමිටුව පත් කර ඇත්තේ.

එම කමිටුවට සිදත් වෙත්තමුණි, උපාලි ධර්මදාස සහ රකිත රාජපක්ෂ ඇතුළත්.

Cricket Committee