ක්‍රිකට් ලෝකයේම අවධානය යොමු වූ රාහුලේ විකට්ටුව (වීඩියෝ)

ඕස්ට්‍රේලියානු A කණ්ඩායම සහ සංචාරක ඉන්දීය A කණ්ඩායම අතර මෙල්බර්න්හී දී පැවැත්වෙන දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ දැවීයාමකට ගොඳුරුවීමට ඉන්දීය පිතිකරු කේ.එල්. රාහුල්ට අද සිදුවුණා.

මෙම තරගයේ දඟපන්දු යවන ක්‍රීඩක කෝරි රොචිචියෝලි යොමුකළ පන්දුවක් නිදැල්ලේ යෑමට ඉඩ සැලසීමේ දී රාහුල්ගේ පාදයේ වැඩි කඩුල්ලේ වැදීමෙන් ඔහු අවාසනාවන්ත ලෙස දැවී ගියා.

මෙහිදී පන්දුව පා ඉන්නෙන් ඉවතට දඟ කැවෙනු ඇති බවට රාහුල් අපේක්ෂා කළ බවක් දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් කෝරි රොචිචියෝලි යොමුකළ එම පන්දුව රාහුල් සිතූ තරමින් දඟ කැවීමට ලක් නොවී එය ඔහුගේ පාදයක වැදී යළි කඩුල්ලට තුළට ඇදී ගය ආකටය දැකගත හැකි වුණා.

අදාළ සිදුවීම පහතින්..