ක්‍රිකට් නීති වෙනස් වූ හැටි

එළැඹෙන ඔක්තෝබර් 8 වැනිදා සිට ක්‍රිකට් පිටියේ අලුත්වන නීති ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

ඒ අනුව එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද මෙම නව නීති යටතේ පැවැත්වෙයි.

  1. පිතිකරුවෙකු උඩපන්දුවක් ලබා දී දැවී යන අවස්ථාවකදී එම පන්දුවාරය නිම නොවේ නම් නව පිතිකරුවා ඊළඟ පන්දුව සඳහා පහරදය යුතුවේ.

2.පන්දු යවන්නා විසින් යොමුකරන ඕනෑම පන්දුවක් තණතීරුවෙන් ඉවතට යන අවස්ථාවක එය නිපන්දුවක් ලෙස හැඳින්වීම

3.පන්දු යවන්නා පන්දුව යොමුකිරීමට පෙර පිතිකරු දුවද්දී දවාගැනීමට හසුකරගැනීම සඳහා ඔහු දෙසට පන්දුව දමා ගැසීමක් සිදුකළහොත් එම අවස්ථාව මීට පෙර නිපන්දුවක් ලෙස හැඳින්වූ අතර එය ඉදිරියේදී නව නීතියට අනුව එය අජීවී පන්දුවක් ලෙස නම්කරයි

4.මන්කාඩ් ක්‍රමයට දවාගැනීම මීට පෙර අසාධාරණ ක්‍රමයක් ලෙස හැඳින්වූ අතර එය නව නීතියට අනුව දුවද්දී දවාගැනීමක් ලෙස හඳුන්වා තිබේ.

5.පන්දු යවන්නෙකු පන්දු යැවීමට දිව යන අවස්ථාවේදී එම කණ්ඩායමේ වෙනත් පන්දු රකින ක්‍රීඩකයෙකු පිටියේ ස්ථාන මාරු කරමින් චලනයක් සිදුකරයි නම් ඊට අදාළ පන්දුව අජීවී පන්දුවක් ලෙස නම්කිරීම. එවැනි චලනයක් සිදුකරන අවස්ථාවකදී පිතිකරණයේ නිරතවන කණ්ඩායමට ලකුණු 5ක් ලබාදීමට ද පියවර ගෙන ඇත.

6.කොරෝනා අවදානම හේතුවෙන් තාවකාලිකව තහනම් කර තිබුණු “පන්දුවේ ඛේටය තැවරීම” තවදුරටත් තහනම් කිරීම.

7.මින් ඉදිරියට තරගයක් තුළ ක‍්‍රීඩක ආදේශකයක් සිදු වූ විට එම ආදේශ කරන ක‍්‍රීඩකයා හට අනෙක් ක‍්‍රීඩකයා සිදු කර ඇති දවා ගැනීම් සහ වැරදි අයත් වන අයුරින් නව නීති සකස් කර ඇත.

8.නීතිවිරෝධී ලෙස වෙනත් පුද්ගලයෙකු සත්වයෙකු හෝ යම් දෙයක් ක්‍රීඩා පිටියට පැමිණි අවස්ථාවකදී එම අවස්ථාවේ යොමුකරන පන්දුව අජීවී පන්දුවක් බවට පත්කරයි.

9.එක්දින සහ ටෙස්ට් පිතිකරුවෙකු දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසෙන පිතිකරුට පන්දුවට පහරදීම සඳහා සූදානම් වීම සඳහා ලබා දී තිබූ කාලය මිනිත්තු දෙකක් දක්වා අඩුකර ඇත.
එසේ නොවන අවස්ථාවන්හිදී ප්‍රතිවාදී කණ්ඩායමේ නායකයාට අදාළ පිතිකරුට එරෙහිව කල් ඉකුත්වීමේ අභියාචනය විනිසුරු වෙත ඉදිරිපත්කිරීමට අවස්ථාව හිමිවනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55