ක්‍රිකට් නඩුව යළිත් කල් යයි – අලුත් ක්‍රීඩා ඇමතිගෙන් පොරොන්දුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනුකළ පෙත්සම දෙසැම්බර් මස 05 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

එදින තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් කිසිඳු ඉදිරි පියවරක් නොගන්නා බව නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදුන්නා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම අද (28) සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පළමුවන වගඋත්තරකරු වශයෙන් නම් කර සිටි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තවදුරටත් එම ධුරයේ කටයුතු නොකරන බව දැනුම් දුන්නා.

ඒ, අනුව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කිරීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා කරුණු දක්වමින් තම සේවාදායකයාගේ පෙරකලාසිය තවදුරටත් අධිකරණය හමුවේ පවතින බවත් ඔහු වෙනුවෙන් තමා පෙනී සිටින බවත් සඳහන් කළා.

ඉන් අනතුරුව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙනුවෙන් නීතීඥ දිනේෂ් විදානපතිරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා වෙනුවෙන් පෙරකලාසි ගොනු කිරීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

මෙම නඩුව මීළඟ දින කැදවන තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුව පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව කිසිදු පියවරක් නොගන්නා බවත් නීතිඥ විදානපතිරණ අධිකරණයට දන්වා සිටියා.

මෙම නඩුකරය සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥ විදානපතිරණ අධිකරණයෙන් ඉල්ලා සිටියා.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ක්‍රීඩා අමාත්‍යාශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා මීට පෙර අධිකරණය හමුවේ දැරූ ස්ථාවරයේම තවදුරටත් පසුවන බවයි.

අර්ජුන රණතුංග ප්‍රමුඛ ක්‍රිකට් අතුරු පාලක කමිටුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවට තමන් විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතාව සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම නැවත දෙසැම්බර් මස 05 වනදා දක්වා කල් තැබීමට නියෝග කළා.

එදින මෙම නඩුකරය සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ස්ථාවරය ඔහුගේ නීතිඥවරු විසින් අධිකරණයට දැනුම් දීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51