ක්‍රිකට් නඩුව අදත් කල් තැබෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් ගොනුකළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුවා.

සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම සලකා බැලීම සිදු වුණා.

එහිදී පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට ජාතික ආයතනයක් බවත් එහි කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට රජය විගණකාධිපතිවරයාට බලයක් තිබෙන බවත් සඳහන් කළා.

” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා පනත යටතේ ලියාපදිංචි කළ ආයතනයක්. එම ලියාපදිංචිව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අදාළ ආයතනය තුළ මූල්‍ය විනයක් තිබිය යුතුයි. විගණන පනත යටතේ එම ආයතනයේ කටයුතු විගණනයට ලක් කිරීමට රජයේ විගණකාධිපතිවරයාට බලය තිබෙනවා. තමන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පමණක් වගකියන බව පෙත්සම්කරු ඉදිරිපත් කළ කරුණුවලින් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාර්ලිමේන්තු පනතක් යටතේ ලියාපදිංචි කළ ආයතනයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව. ක්‍රිකට් ආයතනයේ පාලකයින්ට එහි අරමුදල් හිතුමතේ රිසි සේ පරිහරණය කිරීමට හැකියාවක් නැහැ. ඔවුන්ට රාජ්‍යය සමග වගවීමක් තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවා ලංකා ක්‍රිකට් ආයතනයට අරමුදල් ලබා දෙන්නේ එය රජය නියෝජනය කරන ජාතික ආයතනයක් නිසයි. ” යනුවෙන් සඳහන් කර සිටියා.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවීමට පෙර එම ආයතනය වෙත ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නොතීසි ලබා නොදුන් බව ”පෙත්සම්කරු චෝදනා කර තිබුණා.

එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සිදු කළ විමර්ශන වාර්තාවේ කෙටුම්පතක් එම ආයතනයට ලබා දී කරුණු විමසා සිටියා.

ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් නිකුත් කළ විමර්ශන වාර්තාව තුළ දූෂණ අක්‍රමිකතා හා අවිධිමත් ක්‍රියා රැසක් අනාවරණය කර තිබෙනවා.

”මේ විගණන වාර්තා කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අභියෝගයට ලක් කර නෑ.තමන් ජන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ බව ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළා. රජයේ විගණකාධිපති වාර්තාව තුළින් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය මනාව පැහැදිළි වෙනවා. විගණන පරීක්ෂණයේ දී ඊට අවශ්‍ය තොරතුරු ලබාදීම ක්‍රිකට් ආයතනයේ බලධාරීන් විසින් පැහැර හැර තිබෙනවා. ප්‍රශ්නගත කාරණා සම්බන්ධයෙන් පිළිතුරු දීම ඔවුන් මගහැර තිබෙනවා.”

යනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා;


“මෙම අතුරු තහනම් නියෝග ලබා ගැනීමේ දී පෙත්සම්කරු අධිකරණයට කරුණු වසන් කර තිබෙනවා. ඔවුන් විගණකාධිපති වාර්තාව පිළිබඳ ව අධිකරණය හමුවේ කිසිවක් සඳහන් කළේ නෑ. එය හිතාමතාම වසන් කරමින් තමා ඔවුන් මේ අතුරු තහනම් නියෝග ලබාගෙන තිබෙන්නේ. මෙම විගණන වාර්තාව මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම සඳහායි පෙත්සම්කරු මේ නඩුකරය ඉදිරිපත් කර තිබෙන්නේ.. “

යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙම පෙත්සම මුල් අවස්ථාවේ දී ම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම හෙට දින තෙක් කල් දැමුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23