spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් නඩුවෙන් තුන්වැනි විනිසුරුවරයාත් ඉවත් වෙයි

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි ව ගොනුකර තිබෙන පෙත්සම් විභාගයෙන් තවත් විනිසුරුවරයෙකු අද ඉවත් වුණා.

මෙම පෙත්සම අද ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු නීල් ඉද්දවෙල සඳහන් කළේ තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බවයි.

ඒ අනුව එම පෙත්සම් විභාගය වෙනුවෙන් නව විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා වෙත යොමු කෙරුණා.

මෙම නඩු විභාගයෙන් මේ වන විට විනිසුරුවරු තුන් දෙනෙකු ඉවත් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
2
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?