ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි ව ගොනුකර තිබෙන පෙත්සම් විභාගයෙන් තවත් විනිසුරුවරයෙකු අද ඉවත් වුණා.
මෙම පෙත්සම අද ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු නීල් ඉද්දවෙල සඳහන් කළේ තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බවයි.
ඒ අනුව එම පෙත්සම් විභාගය වෙනුවෙන් නව විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා වෙත යොමු කෙරුණා.
මෙම නඩු විභාගයෙන් මේ වන විට විනිසුරුවරු තුන් දෙනෙකු ඉවත් වී තිබෙනවා.














DESHAPALANA BALAPEM DHA, NILADHAREE WADHAYA DHA? MERA THARJANA DHA? PAKSHGRAHEE KAMA DHA? SALLI DHA? HITHAWATH KAMA DHA, ROSHAN PARLIMENTHUWE WIWECHANAYA KALA NISA DHA? NATH NAM ME OKKOMA DHA?