ක්‍රිකට් තහනම ඉදිරි දින කිහිපයේදී ඉවත්වනු ඇති බව ක්‍රීඩා ඇමති කියයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම ඉදිරි දින කිහිපය තුළ ඉවත් කරනු ඇතැයි විශ්වාසය පළ කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

වත්තල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ ක්‍රීඩා පරිපාලනයට රජයේ මැදිහත්වීම් හේතුවෙන් පසුගිය 2023 වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට මෙම තහනම පැනවූ බවයි.

මේ මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණි ICC ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් ඇතුළු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ. ICC සමඟ සාකච්ඡා ඵලදායක වූ අතර, පවතින ගැටළුව විසඳීමේ ප්‍රගතිය පිළිබඳව නියෝජිත පිරිස සෑහීමකට පත් වූ බව පෙනී ගිය බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය සහ වාර්ෂික ICC සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වීමත් සමඟ මෙම තහනම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ආර්ථික වශයෙන් එල්ල කර ඇත්තේ සැලකිය යුතු පහරක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14