spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් තහනම ඉදිරි දින කිහිපයේදී ඉවත්වනු ඇති බව ක්‍රීඩා ඇමති කියයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම ඉදිරි දින කිහිපය තුළ ඉවත් කරනු ඇතැයි විශ්වාසය පළ කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

වත්තල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ ක්‍රීඩා පරිපාලනයට රජයේ මැදිහත්වීම් හේතුවෙන් පසුගිය 2023 වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට මෙම තහනම පැනවූ බවයි.

මේ මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණි ICC ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් ඇතුළු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ. ICC සමඟ සාකච්ඡා ඵලදායක වූ අතර, පවතින ගැටළුව විසඳීමේ ප්‍රගතිය පිළිබඳව නියෝජිත පිරිස සෑහීමකට පත් වූ බව පෙනී ගිය බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය සහ වාර්ෂික ICC සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වීමත් සමඟ මෙම තහනම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ආර්ථික වශයෙන් එල්ල කර ඇත්තේ සැලකිය යුතු පහරක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?