ක්‍රිකට් තහනමේ සතුටට කොළඹ තරු හෝටලයක් තුළ ජය පැන් සැමරුමක් – ක්‍රීඩා ඇමති

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් තහනමක් පැනවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (11) මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් දක්වා සිටියා.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියා විසින් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම තහනම පනවා ඇති බවයි.

ඒ, ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය ඒ සම්බන්ධයෙන් වාර්තාකර තිබූ වාර්තා ද ගෙනහැර දක්වමින්.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තහනමක් පැනවීම වෙනුවෙන් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක කාමරයක් තුළ පිරිසක් එක්ව ජය පැන් සැමරුමක් සිදුකළ බවට තමන් වෙත තොරතුරු ලැබුණු බව ද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේ දී අනාවරණය කර සිටියා.

මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මේ වනවිට තමන්ගේ ජීවිතයට ද තර්ජනයක් එල්ල වී ඇති බවයි.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත අභියාචනා කිරීමට බලාපොරොත්තුවන බව ද ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20