spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් තහනමේ සතුටට කොළඹ තරු හෝටලයක් තුළ ජය පැන් සැමරුමක් – ක්‍රීඩා ඇමති

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් තහනමක් පැනවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (11) මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් දක්වා සිටියා.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියා විසින් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම තහනම පනවා ඇති බවයි.

ඒ, ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය ඒ සම්බන්ධයෙන් වාර්තාකර තිබූ වාර්තා ද ගෙනහැර දක්වමින්.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තහනමක් පැනවීම වෙනුවෙන් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක කාමරයක් තුළ පිරිසක් එක්ව ජය පැන් සැමරුමක් සිදුකළ බවට තමන් වෙත තොරතුරු ලැබුණු බව ද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේ දී අනාවරණය කර සිටියා.

මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මේ වනවිට තමන්ගේ ජීවිතයට ද තර්ජනයක් එල්ල වී ඇති බවයි.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත අභියාචනා කිරීමට බලාපොරොත්තුවන බව ද ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
3
+1
4
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?