ක්‍රිකට් ආයතනය වසර 03ක් තුළ නීතිමය කටයුතු වෙනුවෙන් මිලියන 681 ඉක්ම වූ වියදමක් දරලා

2023 සහ 2025 අතර කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු පරිපාලනය විසින් නීති ගාස්තු සහ ඒ ආශ්‍රිත වියදම් සඳහා රුපියල් මිලියන 681 කට වඩා වියදමක් දරා ඇති බව සති අන්තයේ ජාතික පුවත් පතක්වන The Sunday Times විසින් වාර්තා කරනවා.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සම්බන්ධ නඩු, මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට එරෙහි අපහාස ක්‍රියාමාර්ග, වාණිජ ආරවුල් සහ බදු කරුණු ඇතුළුව වසර තුනක කාලය තුළ නීති නියෝජනය සඳහා රුපියල් මිලියන 681.17 ක් වියදම් කර ඇති බව නිල ගෙවීම් වවුචර්වලින් පෙන්නුම් කරන බවයි එම පුවත්පත නවරණය කරන්නේ.

එම පුවත්පතට අනුව, නීතිමය වියදම 2023 දී රුපියල් මිලියන 264.6 ක් ලෙස වාර්තා වී ඇති අතර, ඉන් පසුව 2024 දී රුපියල් මිලියන 250.5 ක් සහ 2025 දී රුපියල් මිලියන 166ක් වනවා.

මේ අතර වත්මන් ශ්‍රී ලංකා අන්තර්කාලීන ක්‍රිකට් පරිපාලනය, මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට එරෙහිව ගොනු කර ඇති අපහාස නඩු ඉල්ලා අස්කර ගෙන ඇති බවට ද The Sunday Times වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57