කළු සල්ලි ජාවාරමකට නම ගෑවුණු ජැකලීන්ගේ ඉවසීමේ සීමාව පැන්න හැටි

මේ ගෙවෙමින් පවතින්නේ තමාගේ ජීවිතයේ අසීරු කාලයක් බවත්, එම කාලයේදී තමාට සහය දෙන ලෙසත් ඉන්දීය බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළියක් වන ජැකලීන් ෆර්ඩිනැන්ඩස් ලොව පුරා මාධ්‍යයෙන් ඉල්ලා තිබේ. ඇය මේ ඉල්ලීම කර ඇත්තේ ඇයගේ සහ සුකේෂ් චන්ද්‍ර‍ෙස්කර් නම් පුද්ගලයාගේ ඡායාරූප මාධ්‍යවල පළ වීමත් සමඟිනි.

සුකේෂ් චන්ද්‍රසේකර් නම් වන පුද්ගලයා දැන් මාස කිහිපයක සිට ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ නොයෙකුත් නීති විරෝධී ක්‍රියා සිදුකිරීම සම්බන්ධයෙනි. කළු සල්ලි ජාවාරම් හා ඔහුගේ නම ඍජුවම සම්බන්ධ වී පවතින අතර ඔහු සමඟ සබඳතා පැවැත්වූ ජනප්‍රිය චරිත කිහිපයක්ද පසුගිය දිනවල හෙළිදරවු විය.

වරක් ඔහු කන්නඩ සිනමා නිළියක් සමග කොළඹ නගරයේ ආයෝජන සඳහා මුදල් ආයෝජනය කළ බව ප්‍රකාශ වූයේ එම නිළිය ඔහුට විරුද්ධව ඉන්දීය උසාවියකට පැමිණිලි කළ බැවිනි. මේ අන්දමින් සුකේෂ් චන්ද්‍ර‍ෙස්කර් නම් පුද්ගලයා ඉන්දීය සිනමාවේ ජනප්‍රිය පුද්ගලයන් සමඟ මිත්‍ර සබඳතා පවත්වමින් තම ජාවාරම් නිදහසේ සිදුකරගත් බව ඉන්දීය පොලීසිය සැක පහළ කර තිබේ.

මේ අතරට ජැකලීන් ෆර්ඩිනැන්ඩස් ගෑවෙන්නේ ඇයද සුකේෂ් චන්ද්‍ර‍ෙස්කර් සමඟ අයථා මුදල් ගනුදෙනුවල නිතර වූ බවට සැක පහළ කරමින් ඉන්දීය පොලීසිය ඇයගෙන්ද ප්‍රශ්න කිරීමෙන් පසුවය.

මේ අතර ඇය සහ සුකේෂ් චන්ද්‍ර‍ෙස්කර් සිටින ඡයාරූපයක් සමාජ මාධ්‍යවල වේගයෙන් සංසරණය වීම ආරම්භ වීමත් සමඟ පොලීසිය ජැකලීන්ගෙන් ප්‍රශ්න කිරීම කෙරෙහි කිසියම් සාධාරණ සැකයක් ජනතාව අතර ඇති වූ බව ද පෙනෙන්නට විය.

පසුගියදා ජැකලීන් ජනමාධ්‍යවලින් තමාට සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නේ එබඳු පසුබිමක් යටතේය.

ඇය තම ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ තමන්ට මුළු මහත් ඉන්දියාව දැඩි ආදරයක් සහ ගෞරවයක් ලබා දුන් බවයි. එම ආදරය සහ ගෞරවය තමා වෙත ලැබීමට ජනමාධ්‍ය හේතු වූ බව පවසා සිටි ජැකලීන් ඒ සඳහා සහය දුන් ජන මාධ්‍ය‍ෙව්දීන්ටද ස්තුති කර තිබේ. ඒ සමඟින්ම ඇය එම මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා ඇත්තේ තමා වෙත ආදරය සහ ගෞරවය ලබා දුන්නද තමාගේ පෞද්ගලික ජිවිතයට අනවශ්‍ය ලෙස එබී බැලීම නොකරන ලෙසයි.

“ ඔබ එවැනි දෙයක් කෙදිනකවත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කරන එකක් නැහැ. ඒ නිසාම මටත් එවැනි දෙයක් කරන්න එපා.‘ ඇය තම ඉන්ස්ටර්ග්‍රෑම් පණිවිඩය අවසන් කර ඇත්තේ ජනමාධ්‍යවේදීන්ගෙන් එසේ ඉල්ලමිනි. එසේම ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමා මේ ගෙවමින් ඉන්නේ අසීරු කාලයක් බවත්, එම කාලය ගෙවා ගැනීමට සැමගේ සහය අවශ්‍ය වන බවත්ය. ඇය එසේ ඉල්ලා සිටියද නීති විරෝධී වැඩ කළ සුකේෂ් චන්ද්‍ර‍ෙස්කර් සමඟ ඇයගේ නමත් නීති විරෝධී කටයුතු සම්බන්ධව ගෑවි පවතින්නේ නම් ඉන්දීය පොලීසිය නිකම් නොසිටිනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03